Cricket NewsEXCLUSIVEInternational

බංග්ලාදේශය, දකුණු අප්‍රිකාවට එරෙහිව ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටනක.

කයිල් වරීන් (114) සහ වියාන් මල්ඩර් (54) එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ශතක සම්බන්ධතාව නිසා ලකුණු 202 ක මුල්ඉනිමේ වාසියක් අත්කරගත් දකුණු අප්‍රිකානුවෝ බංග්ලාදේශය පීඩනයට පත්කරමින් සිටිති. මීර්පූර් නුවරදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (22 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිමේදී කඩුලු 3 කට ලකුණු 101 ක් ලබා සිටියේය.

ඉනිමක පරාජයෙන් ගැලවීමට නම් බංග්ලාදේශය තවත් ලකුණු 101 ක් ලබාගත යුතුවන අතර තවත් කඩුලු 7 ක් අතැති හෙයින් එය එතරම් අපහසු නොවනු ඇතැයි පෙනෙන්නට තිබේ. එහෙත් දකුණු අප්‍රිකානුවන්ට තවත් ඉනිමක් ඉතිරිව ඇත.

ආරම්භක පිතිකරු මහමදුල් හසන් ජෝයි (නොදැවී 38) සහ බංග්ලාf්දශයේ වඩාත්ම පළපුරුදු පිතිකරුවා වන මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 31) අද සවස තරගය නතර කරන විට පිටියේ රැඳී සිටියහ.

බංග්ලාදේශය – පළමු ඉනිම 106 යි

දකුණු අප්‍රිකාව – පළමු ඉනිම 308 යි
(ටෝනි ඩි’සෝර්සි 30, ටි්‍රස්ටන් ස්ටබ්ස් 23, ඩේවිඩ් බෙඩින්ග්හැම් 11, රයාන් රික්ල්ටන් 27, කයිල් වරීන් 114, වියාන් මල්ඩර් 54, ඩෑන් පීට් 32, හසන් මහමුද් 66/3, මෙහෙදි හසන් මිරාස් 63/2, තයිජුල් ඉස්ලාම් 122/5)

බංග්ලාදේශය – දෙවැනි ඉනිම කඩුලු 3 ට 101 යි
(මහමුදුල් හසන් ජෝයි නොදැවී 38, නජ්මුල් හොසේන් ශන්ටෝ 23, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 31, කගීසෝ රබාඩා 10/2)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button