Cricket NewsEXCLUSIVEInternational

බංග්ලා­දේශ කණ්ඩා­ය­මට එරෙ­හිව දෙවැනි ටෙස්ට් තර­ග­යේදී වසර 76ක වාර්තා­වක් අලුත් කිරී­මට දකුණු අප්‍රි­කා­නුවෝ සමත්වේ.

බංග්ලා­දේශ කණ්ඩා­ය­මට එරෙ­හිව චැටෝ­ග්‍රෑ­ම්හිදී පැවැ­ත්වෙන දෙවැනි ටෙස්ට් තර­ග­යේදී වසර 76ක වාර්තා­වක් අලුත් කිරී­මට දකුණු අප්‍රි­කා­නුවෝ සමත් වූහ.

මේ තර­ගයේ පළමු ඉනිම වෙනු­වෙන් දකුණු අප්‍රි­කාව ලකුණු 575ක දැවැන්ත ඉනි­මක් නිර්මා­ණය කළ අතර, එහිදී ටෝනි ඩි සෝර්සි (177), ට්‍රිස්ටන් ස්ටබ්ස් (106) සහ වියාන් මුල්ඩර් (නොදැවී 105) ශතක රැස් කිරී­මට සමත් වූහ. මේ ශතක ත්‍රිත්ව­යම එම ක්‍රීඩ­ක­යන්ගේ මංගල ශතක වීම විශේ­ෂ­ත්ව­යකි. මින් පෙර එකම ටෙස්ට් ඉනි­ම­කදී මංගල ශතක 3ක් වාර්තා වී තිබුණේ 1948 වසරේ බට­හිර ඉන්දීය කොදෙව් කණ්ඩා­ය­මෙනි. ඉන්දීය පිලට එරෙ­හිව දිල්ලියේ පැවති එම තර­ග­යේදී ක්ලයිඩ් වෝල්කොට්, ජෙරී ගෝමස් සහ රොබට් ක්‍රිස්ටි­යානි මංගල ශතක රැස් කර තිබිණි.

ආසි­යා­වේදී දකුණු අප්‍රි­කා­නුවෝ තිදෙ­නෙක් හෝ ඊට වැඩි­යෙන් එක් ඉනි­ම­කදී රැස් කළ වැඩිම ශතක සංඛ්‍යාව ද මෙයයි.

මීට අම­ත­රව සෙනු­රන් මුත්තු­සාමි නොදැවී ලකුණු 68ක් රැස් කළේ සිය මංගල ටෙස්ට් අර්ධ ශත­කය ලෙසිනි.

මේ තර­ගය ඊයේ දෙවැනි දින­යට නතර කරන විට පිළි­තුරු ඉනිම ක්‍රීඩා කරන බංග්ලා­දේ­ශය ලකුණු 38කට කඩුලු 4ක් දැවී අසීරු තත්ත්ව­යක පසු විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button