Cricket NewsEXCLUSIVE

තරඟයේ අවසන් තීරණය අවසන් පන්දුව තෙක් ඇදුණු, මිලි තප්පරයෙන් නවසිලන්ත ජයග්‍රහණය තීරණය කෙරුණු, ක්‍රිකට් ලෝකයේම අවදානය දිනාගත්, ශ්‍රී ලංකා නවසිලන්ත පළමු ටෙස්ට් තරඟයේ අවසන් පන්දුවාරය.!

ලෝක ටෙස්ට් ශූරතාවලි අවසන් මහා තරඟයට පිවිසීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය අත්‍යාවශ්‍ය වූ නවසීලන්තය සමග පැවැත්වෙන තරඟ 2කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයෙන් කඩුලු 2කක අමිහිරි පරාජයක් ලැබීමට ශ්‍රී ලක කණ්ඩායමට සිදු වුනා.

මෙම පරාජයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක ටෙස්ට් ශුරතා සිහිනයද බොඳ වුවා.

තරඟයේ පස් වන සහ අවසන් දිනය වූ අද දිනයේ උදෑසන පැවති වර්ශා තත්වය හේතුවෙන් අද තරඟය ආරම්භ වීම තරමක ප්‍රමදයකට ලක් වුනා. ඒ අනුව අද දිනයේ ජයග්‍රහණය ලැබීම සඳහා නවසිලන්ත කණ්ඩායමට ලකුණු 257ක් ලබා ගැනීමටත් ශ්‍රී ලංකාවට කඩුලු 9ක් බිඳ හෙලීමටත් සිදු වූ අතර තමාට ලැබුණු අභියෝගය සාර්ථකව ජය ගනිමින් නවසීලන්තය තරඟය ජයග්‍රහණය කළා.

කෙසේ නමුත් මෙම තරඟය ජයග්‍රහණය කිරීම සඳහා නවසිලන්ත කණ්ඩායමට අවසන් පන්දුවාරය තුල ලකුණු 8ක් ලබා ගැනීමට අවශ්‍ය වූ අතර එම පන්දුවාරය යොමු කරනු ලැබුවේ අසිත ප්‍රනාන්දු විසිනි.

ඉතා තියුණු තරඟයක් සහ ටෙස්ට් ක්‍රිකට් ආකෘතියේ අලංකාරය මනාව පිලිබිබු වූ එම අවසන් පන්දුවාරය පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
1
+1
2
+1
17
+1
1
+1
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7