Cricket NewsEXCLUSIVE

“දුර්වල පන්දුයැවීමේ බලඇණිය නිසා ඉන්දියාවට එළඹෙන ලෝක කුසලානය ජයග්‍රහණය කරන්න බෑ” – ආකාශ් චොප්රා කියයි.!

වේගපන්දු යවන්නන්ගේ පාරාදීසයක් වන ඔස්ට්‍රේලියානු උපමහද්වීපයේදී ලබන නොවැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා එක්වන ඉන්දීය කණ්ඩායම විශාල ප්‍රශ්නයකට පිළිතුරු සොයමින් සිටින වකවානුවක් ලෙසින් මේ දින කිහිපය හඳුන් වන්නට පුළුවන්.

ආසියානු කුසලානයේ දෙවන වටයෙන් ඉවත් වීමට ඉන්දීය කණ්ඩායමට සිදුවීම මුළු මහත් ජාත්‍යන්තරය පුරාවටම පුවත් මවන්නක් වූවා.විශේෂයෙන්ම ජැස්ප්‍රිට් බුම්රා හා මොහොමඩ් ශමී වැනි ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් දෙදෙනෙකු ආසියානු කුසලාන සංචිතයෙන් ඉවත් වීම මත ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට හා රාහුල් ඩ්‍රාවිඩ් ප්‍රමුඛ පුහුණු කාර්‍ය මණ්ඩලයට සිදුවූයේ නවක ක්‍රීඩකයින් කිහිපදෙනෙකු මත මෙන්ම බුවනේශ්වර් කුමාර් පිළිබඳව විශ්වාසය තබන්නටයි.

බුවනේශ්වර් නව පන්දුවෙන් පළමු පන්දුවාර කිහිපය තුල පන්දු යැවීම සිදු කරද්දී ඔහුගේ එල්ලය පතිතය මෙන්ම දෝලනය හමුවේ විශාල වශයෙන් පිතිකරුවන් පරාජය වීම සුලභ දසුනක් වූ නමුත් අවසන් පන්දුවාර කිහිපයේදී බුවනේශ්වර්ගේ පන්දු යැවීම හේතුවෙන් ඉන්දියාව දෙසට නතුව තිබූ තරඟ ඔවුන්ගෙන් ගිලිහී යෑම සිදුවිය.

ඉන්දීය ප්‍රිමියර් ලීගය තුල විශාල අත්දැකීම් සම්භාරයක උරුමකරුවකු වන වන බුවනේෂ්වර් කුමාර් සැප්තැම්බර් 4 වැනිදා පකිස්තානයට, සැප්තැම්බර් 6 වැනිදා ශ්‍රී ලංකාවට සහ සැප්තැම්බර් 20 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව පළමු විස්සයි20 තරගයේදී යැවූ 19 වැනි පන්දුවාර වලින් තරඟය සම්පූර්ණයෙන්ම ඉන්දියාවෙන් ඉවතට ගියේය. එමෙන්ම එම පන්දුවාර වලදී අසාමාන්‍ය ලෙස දැඩි ප්‍රහාරයකට ලක්විය.

අවසානයේදී ඉන්දීය කණ්ඩායමට සිදුවූයයේ ලකුණු 200කට වඩා වැඩි ලකුණු පුවරුවක් හෝ ආරක්ෂා කරගැනීමට නොහැකි වන මට්ටමකට ඇදවැටීමයි.

ඉන්දීය පන්දු යවන්නන්ගේ කඩා වැටීම එලඹෙන ලෝක කුසලානයෙදී ඉන්දීය කණ්ඩායමේ කඩාවැටීමට විශාල හේතුවක් වනු ඇති බවට හිටපු ඉන්දීය ක්‍රීඩකයෙකු මෙන්ම විස්තර විචාරකයකු ද වන ආකාෂ් චොප්රා අනාවැකි පලකරමින් සිටිනවා.

ඉන්දීය සීමිත පන්දුවාර කණ්ඩායමේ ප්‍රධානතම දඟපන්දු යවන්නා වන යුස්වේන්ද්‍ර චාහල්ගේ පන්දු යැවීමද පෙරමෙන් ඵලදායී නොවන බව ඔහුගේ මතයයි.විශේෂයෙන්ම පන්දුවේ වේගය නිසිලෙස පාලනය කරනොගැනීම ඔහුගේ විශාල අඩුවක් බව ඔහුගේ මතය වූවා.

“යුසි චහාල් දිගටම වේගයෙන් පන්දු යවනවා. ඔබ සෙමින් පන්දු යවන්නේ නැත්නම් ඔබ කඩුලු ලබා ගන්නේ කෙසේද? යථාර්ථය නම් ඉන්දියාවේ පන්දු යැවීමේ බලඇණිය දුර්වල වීම සහ ලෝක කුසලානය දිනා ගැනීමේ බලාපොරොත්තු තරමක් අඩු වීමයි. ඔබ ඉතිරි තරඟ ජයග්‍රහණය කළ යුතු අතර එසේ නොමැතිනම් එහි ප්‍රධාන ක්‍රීඩකයින් සිව්දෙනා නොමැති කණ්ඩායමකට එරෙහිව තරඟාවලිය ඔබට අහිමි වනු ඇත” ආකාෂ් පැවසීය.

බුම්රාගේ ආගමනයත් සමඟින් සියල්ල වෙනස් නොවන බවද ඔහු සඳහන් කලේය.ඔහුගේ අදහස වූයේ බුම්රාට පමණක් තනිව ඉන්දීය පන්දු බලඇණිය මෙහෙයවිය නොහැකි වනු ඇති බවයි.

“එක් පන්දු යවන්නෙකුට පැමිණ සියල්ල සම්පූර්ණයෙන්ම වෙනස් කළ නොහැක. මෙය කණගාටුදායක යථාර්ථය වනවා. මේ වසරේ බුම්රා පමණක් සිටින විට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සිදු වූයේ කුමක්ද? ඔවුන් වැඩිය තරඟ දිනන්නට වූයේ නෑ.ඉතින්, ඔබ කඩුලු 5 ක් 6 ක් ගන්නා තරඟයක් හැර එක් පන්දු යවන්නෙකුගෙන් ඔබට විශාල වෙනසක් සිදු නොවනු ඇත.” යනුවෙන් තවදුරටත් අදහස් දක්වන ආකාෂ් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7