Cricket NewsEXCLUSIVEIPL

බංගලාදේශයේ එකම IPL නියෝජනය Mustafizur Rahmanගේ Delhi Capitals කණ්ඩායමේ ස්ථානයත් අහිමි වෙයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 50වන තරගය ලෙස Delhi Capitals සමග Sunrisers Hyderabad කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වී තිබෙනවා.

Sunrisers Hyderabad කණ්ඩායමේ නායකත්වය කේන් විලියම්සන් දරන අතර Delhi Capitalsහි නායකත්වය රිශාබ් පාන්ට් විසින් දරනවා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Sunrisers Hyderabad නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Sunrisers Hyderabad කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පන්දුවට පහර දීම සඳහා මේ වන විට Delhi Capitals පිතිකරුවන් පිටියට පිවිස සිටිනවා.

මේ අතර අද දිනයේදී Delhi Capitals කණ්ඩායමේ සංචිතයේ වෙනසක් සිදු කර තිබෙන අතර Prithvi, Axar, Fizz, Sakariya යන ක්‍රීඩකයන් සිව් දෙනා ඉවත් කර ඒ වෙනුවට Mandeep, Ripal, Khaleel, Nortje යන ක්‍රීඩකයන් සංචිතයට කැඳවා තිබෙනවා.

ඒ අනුව මෙවර IPL තරඟාවලියේ එකම බංගලාදේශ නියෝජනය වන Mustafizur Rahmanගේ සංචිතයේ ස්ථානය අහිමි වී තිබෙනවා.

අද ක්‍රීඩා කරන සංචිත පහතින්

Delhi Capitals –

Mandeep Singh, David Warner, Mitchell Marsh, Rishabh Pant (C) (W) , Lalit Yadav, Rovman Powell , Ripal Patel ,Shardul Thakur , Kuldeep Yadav , Anrich Nortje , Khaleel Ahmed

Sunrisers Hyderabad –

Sunrisers Hyderabad – Abhishek Sharma, Kane Williamson(C), Rahul Tripathi, Aiden Markram, Nicholas Pooran(W), Shashank Singh, Sean Abbott, Shreyas Gopal, Bhuvneshwar Kumar, Kartik Tyagi, Umran Malik

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7