Cricket NewsEXCLUSIVE

“නායකත්වයේ කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ, නායකයා දසුන් ශානකමයි” – තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

මීට දින කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුවත් පත් කිහිපයක් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුවීමට නියමිත බව වාර්ථා කර සිටියා.

ඒ වත්මන් එක්දින නායක දසුන් ශානකට කණ්ඩායමේ විශ්වාසය පළුදු වීම හේතුවෙන් ඒ සඳහා හිටපු දිමුත් කරුණාරත්න පත්වන බවටයි මෙරට විශ්වාසනීය පුවත් පත් රැසක් වාර්ථා කර තිබුණේ.

ඒ අතුරින් ලංකාදීප හා දෙරණ අරුණෙහි පලවූ පුවත් දෙස ප්‍රේක්ෂකයින් වඩාත් අවධානයෙන් බලා සිටි බව නොරසක්.

කෙසේ නමුත් අද වන විට එම පුවතට හාත්පසින්ම වෙනස් පුවතක් Daily news සඳහන් කර තිබුණි.ඒ වත්මන් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදු නොවන බවය.කෙසේ නමුත් Daily news වාර්ථා කර තිබුණේ එක්දින කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට නැවත වරක්‌ ලබාදීමට තීරණය කර නොමැති බව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සදහන් කර සිටි බවය.

කෙසේ නමුත් එලඹෙන ඔස්ට්‍රේලියානු සංචාරයේදී එක්දින නායකත්වය දිමුත්ට හිමිවීමට නියමිත බවයි මීට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ පුවත්පත් සඳහන් කර තිබුණේ.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් පඹගාලක පැටලී තිබෙන්නේ නිරවද්‍ය පුවත කුමක්ද යන්න දැනගැනීමේ අරමුණෙනි.

කෙසේ නමුත් එක්දින නායක්ත්වයේ වෙනසක් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් නිලවශයෙන් ප්‍රකාශ කර නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button