Cricket NewsEXCLUSIVELPLPremier League

දසුන් ශානකට අද තරඟයත් අහිමි වන ලකුණු – දඹුලු කණ්ඩායමේ නායකත්වය නැවතත් දික්වැල්ලට

May be an image of 3 people, outdoors and text

ජැෆ්නා කිංග්ස් හා දඹුල්ල ජයන්ට්ස් අතර Qualifier 2 තරගය අද රාත්‍රී 7.30 ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදි පැවැත්විමට නියමිතයි.දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානකට මෙම තරගයත් අහිමි වීමට ඉඩ ඇති බවයි වාර්තා වෙන්නෙ.

පසුගියදා පැවති කැන්ඩි වෝරියර්ස් සමග තරගයේදි දසුන් ශානක පිට කොන්දේ ආබාධයකට ගොදුරු වුනා.මේවනවිට ප්‍රතිකාර කිරීම ආරම්භ වී ඇතත් දසුන් ශානක පුර්ණ සුවය ලබා නොමැති බව ද වාර්තා වනවා.

ඒ අනුව අද Qualifier 2 තරගය ද දසුන්ට අහිමිවනු ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සමග පැවති Eliminator තරගය ද දසුන් ක්‍රීඩා කලේ නෑ.

ඒ අනුව එම තරගයේ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ නායකත්වය දැරුවේ නිරෝෂන් දික්වැල්ල ‍යි.

මේ අතර ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තිළිණ කණ්ඩම්බි පවසන්නේ තම කණ්ඩායමට අවසන් තරගයට සුදුසුකම් ලැබීමට හැකියාව පවතින බවයි.

පසුගිය තරග කිහිපයේදි පිතිකරුවන් ලකුණු අතරට නොපැමිණියත් අද තරගයේදි ලකුණු අතරට පැමිණීමට තරම් අත්දැකීම් ඇති පිතිකරුවන් පිරිසක් තම කණ්ඩායම සතු බව තිළිණ කණ්ඩම්බි වැඩිදුරටත් ප්‍රකාශ කළා

Jaffna Kings Squad for Lanka Premier League 2021 - Home of T20

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7