Cricket NewsEXCLUSIVE

2022 වසරේ විශිෂ්ටතම විස්සයි-20 ක්‍රීඩකයන් 11 අතරට ICCය නම් කළ වනිඳු හසරංගගේ ” Team of the Year” නිළ හිස් වැස්ම වනිඳුගේ දෑතට.!

පසුගිය 2022 වසරේ ඉහළම දස්කම් දැක්වූ ක්‍රිඩකයන් 11 දෙනෙකුගෙන් සමන්විත ලෝක විස්සයි-20 කණ්ඩායමක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගිය දා එළිදක්වනු ලැබුවා.

එම කණ්ඩායමේ නිත්‍ය දඟ පන්දු යවන්නාගේ ස්ථානය ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට හිමිව තිබුණා. පසුගිය 2022 වසර ආරම්භ කරද්දී ද, 2022 වසර අවසන් වන විටද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම්හි ප්‍රථම ස්ථානයේ රැඳී සිටීමට වනිඳු සමත්ව සිටියා.

ඒ අනුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් පිරිනමන විස්සයි-20 ලෝක කණ්ඩායමේ නිල හිස්වැස්ම අද දිනයේදී වනිදු හසරංග වෙත ලැබී තිබෙනවා.

වනිදු විස්සයි-20 ලෝක කණ්ඩායමට පිටපිටම ඇතුළත් වූ දෙවන අවස්ථාවව මෙයයි.

⁣මේ පිළිබඳව ICCය මෙලෙස ඔවුන්ගේ නිල සමාජ මාධ්‍යන්හි සටහනක් තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7