Cricket NewsEXCLUSIVE

මෙවර ආසියානු කුසලානය පකිස්ථානයෙන් ඉවත් කිරීමට, ශ්‍රී ලංකා ක්‍රිකට් සහ බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සහය ඉන්දියාව වෙත ලැබී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.!

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2023 තරගාවලිය මේ වසරේ සැප්තැම්බර් මසදී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය සැලසුම් කර තිබු අතර ඉදිරියේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය පන්දුවාර 50 තරගාවලියක් බැවින් එය ඉලක්ක කොට මෙවර ආසියානු කුසලාන තරගාවලිය පන්දුවාර 50 තරගාවලියක් ලෙසින් පකිස්ථානයේ දී පැවැත්වීමටයි සැලසුම් කර තිබුනේ.

කෙසේ නමුත් මෙම තරඟාවලිය පකිස්ථානයේ පැවැත්වීම සම්භන්දයෙන් ඉන්දියාව දිගින් දිගටම සිය විරෝදතාවය ප්‍රකාශ කල අතර ඒ අනුව ඉන්දියාව සහබාගි වන තරඟ වෙනත් ස්ථානයක පැවැත්වීමටද සාකච්චා සිදු වුවා.

කෙසේ නමුත් මෙවර ආසියානු කුසලානය පකිස්ථානයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සහ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සහය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) වෙත ලැබී ඇති බව ඉන්දීය ක්‍රිඩා මාධ්‍ය විසින් වාර්තා කර සිටිනවා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්භන්දයෙන් කිසිදු නිළ ප්‍රකාශයක් තවමත් සිදු කර නැහැ.

මේ සම්බන්දයෙන් ඉන්දීය මාධ්‍යක් තැබූ සටහනක් පහතින්,

https://www.insidesport.in/asia-cup-2023-big-setback-for-pcb-as-sri-lanka-bangladesh-support-india-over-moving-asia-cup-out-of-pakistan-deets-here/

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
9
+1
3
+1
3
+1
12

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button