Cricket NewsEXCLUSIVET10 League

වනිඳුගෙන් තවත් ලෝක වාර්තාවක් – අබුඩාබි T10 ඉතිහාසයේ තරඟවාරයක වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙලූ පන්දු යවන්නා බවට වනිදු පත්වෙයි.!

මේ වන විට ලෝකයේ පැවැත්වෙන වේගවත්ම ක්‍රිකට් ආකෘතිය ලෙසින් හැඳින්වෙන අබුඩාබි T10 තරඟාවලිය අති උත්කර්ෂවත් අයුරින් අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.

තරඟාවලියේ අවසාන තරඟ කිහිපය මේ වන විට පැවැත්වෙන අතර තරගාවලියේ Qualifier 1 තරඟය ලෙස අද Delhi Bulls කණ්ඩායම සහ Deccan Gladiators අතර පැවැත්වුණු තරගයෙන් ලකුණු 17ක තියුණු ජයග්‍රහණයක් ලබාගැනීමට Deccan gladiators කණ්ඩායම සමත්වුණා.

එහිදී තවත් සුවිශේෂී වාර්තාවක් බිහි වූයේ මෙවර තරඟාවලියේදි Deccan Gladiators කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග විසින් අද තරඟයේ දී ලබාගත් කඩුල්ලත් සමග Abu Dhabi T10 තරඟාවලියක එක් තරග මාලාවක් තුල වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබාගත් පන්දු යවන්නාගේ වාර්තාව තමන් සතු කර ගැනීමත් සමඟයි.

මීට පෙර Bangla tigers කණ්ඩායම සමඟ පැවති තරඟයේ දීත් කඩුලු 5ක් බිඳ දැමීමට වනිදු හසරංග සමත්වූ අතර එවැනි දස්කමක් දැක්වූ ලොව තෙවන පන්දුයවන්නා බවටද පත් වෙමිනි.

ඒ අනුව අද දිනයේදී වනිදු හසරංග බිඳ හෙළන ලද කඩුල්ලත් සමඟ ඔහු මෙවර තරගාවලියේ දී ලබාගත් මුළු කඩුලු සංඛ්‍යාව කඩුළු 19 ක් බවට පත්වුණා.

මීට පෙර T10 තරගාවලියක් තුළ වැඩිම කඩුලු දවා ගත් ක්‍රීඩකයා බවට පත්ව තිබුණේ දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක GC Viljoen ය.

ඔහු කඩුලු 18ක් ලබාගැනීමට සමත්ව තිබුණා.

කෙසේ නමුත් අද වනිදු ලබාගත් කඩුල්ලත් සමග 2021 වසරෙ 12 වැනි මස 3වන දින සිට එම වාර්තාව ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ගේ නම ඉදිරියේ ලියවුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7