Cricket NewsEXCLUSIVE

වසර 6 කට පෙර සිය පන්දුවෙන් සිදු වූ වරද පිත්තෙන් නිවැරදි කළ බෙන් ස්ටෝක්ස් එංගලන්තය විස්සයි-20 ලෝක ශුරතාවය කරා රැගෙන යයි.!

අවසන් මහ තරග සඳහාම උපන් ක්‍රීඩකයකු වන බෙන් ස්ටෝක්ස් වසර 6 කට ඉහතදී තමන් අතින් සිදුවූ අතපසුවීම සම්පූර්ණයෙන්ම ආපිට කරකවමින් විස්සයි-20 ලෝක කුසලානය එංගලන්තයට දිනා දීමට සමත් වුනා.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී අද (13) පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 138 ක ඉලක්කයක් කරා ගිය එංගලන්තය වෙනුවෙන් නොදැවී ලකුණු 52 ක් ලබාගත් බෙන් ස්ටෝක්ස් තරගයේ වීරයා නොවූවද, පන්දුවාර 16 ක් පුරා පිටියේ රැඳෙමින්, එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය නියමුවා බවට පත් වුනා.

මෙය එංගලන්තය විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් දෙවැනි අවස්ථාවයි. වසර 2010 දී විස්සයි-20 ලෝක කුසලාන දිනාගත්තේ ද එංගලන්තයයි.

තරඟයේ කෙටි ලකුණු පුවරුව

පාකිස්ථානය – 137/8 (20)
එංගලන්තය – 138/5 (19)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button