Cricket NewsDomestic CricketEXCLUSIVE

IPL තරඟාවලිය නිමා කර අද උදැසන ශ්‍රී ලංකාවට පැමිණි විලසම සිය ක්‍රීඩා සමාජය සමඟින් එක් වූ භානුක රාජපක්ෂ දැවැන්ත හයේ පහර වර්ෂාවක් සමග අධිවේගී ශතකයක් රැස් කරයි.!

පංජාබ් කිංගස් කණ්ඩායම වෙනුවෙන් සාර්ථක IPL තරඟාවලියක නියැලුණු ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි විස්ස තරඟාවලියට අද එක්විය. ඒ අද උදැසන ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව වීම විශේෂත්වයක්.

එමෙන්ම මෙම තරඟයේදී මෙවර අන්තර් සමාජ තරඟාවලියේ පළමු ශතක ලාභියා වෙමින් භානුක සිය සුපුරුදු දස්කම් හොඳ රිද්මයක බව මනාව පෙන්නුම් කිරීමට සමත් වුනා.

Bhanuka Rajapaksa profile and biography, stats, records, averages, photos and videos

ඊයේ IPL තරඟාවලිය නිමාවීමත් සමඟින් අද දිවයිනට පැමිණි භානුක තම ක්‍රීඩා සමාජය වන BRC කණ්ඩායම සමඟින් එක්වූ අතර මෙවර අන්තර් සමාජ විස්සයි විස්ස තරඟාවලියේ තමන්ක්‍රීඩා කල පළමු තරඟයේදීම වේගවත් ශතකයක් වාර්ථා කරන්නට භානුක සමත් විය.

අද පානදුර හා BRC කණ්ඩායම් අතර පැවැත්වෙන තරඟයේදී භානුක රාජපක්ෂ මෙම දස්කම් දැක්වීමට සමත් වූ අතර පන්දු 55 කදී ශතකය වාර්ථා කල භානුකගේ ඉනිමට හතරේ පහර 9 ක් හා හයේ පහර 9 ක් ඇතුලත් විය. සමස්ත ලකුණු සංඛ්‍යාවෙන් 90% ක් හතරේ පහරවල් හා හයේ පහරවලින් වාර්ථා වීම විශේෂත්වයකි.

එලඹෙන ඔස්ට්‍රේලියානු සංචාරය සඳහා වන මූලික සංචිතයේ ද සිටින සුපිරි පිතිකරු භානුක රාජපක්ෂ දිගින් දිගටම ලකුණු අතර පිවිසීම අවසන් තරඟාවලි කිහිපය පුරාවටම කැපී පෙනුණි. දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ වාග් ප්‍රහාර එල්ල වූ භානුක දිවයිනට පැමිණි විගසම තම කණ්ඩයම සමඟින් එක්වෙමින් දස්කම් අතරට පිවිසීමට සමත් වූ අතර ඔහුගේ කැපවීම කෙතරම් දුරට ක්‍රීඩාව වර්ධනය කරනවාද යන්න මනාව පෙන්නුම් කරමින් තිබෙනවා.

Bhanuka Rajapaksa; all talk and no action – The Island

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7