කාසියේ වාසිය පරාජය වීම වෙස්වලාගත් ආශිර්වාදයක් වෙමින් පළමු සැසිය අවසන් වන විට බංග්ලාදේශ පිතිකරණ ලැයිස්තුවෙන් හරි අඩක් ක්‍රීඩාගාරයේ අසුන් වල !

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරඟයේ පළමු දිනය වූ අද දිනයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල බංග්ලාදේශ නායක මොමිනුල් හක් මුලින්ම පිතිකරණයේ යෙදෙන්නට තීරණය කලේය.එම තීරණය මත එතරම් වරදක් පෙනෙන්නට නොතිබූයේ ඩකා තණතීරුවේ අවසන් ටෙස්ට් තරඟ නවයේම කාසියේ වාසිය දිනාගත් නායකයින් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කර සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තිබූ බැවිනි.
වෙනදාට වඩා ඩකා තණතීරුවේ තණකොල තරමක් ඝණව වැවී තිබුණු අතර එය ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් දෙදෙනාට සාර්ථක ප්‍රතිඵල අත්කරදීමට එතරම් වෙලා ගත වූයේ නැත.ක්‍රීඩාංගණය හරහා හමාගිය විශාල සුළං ධාරාව අමතර වාසියක් අසිත ප්‍රනාන්දුට හා කසුන් රාජිතට කල් තියා නිර්මාණය කර දුන්නේය.ආරම්භක වේගපන්දු යවන්නන් දෙදෙනා තණතීරුවෙන් ලද සහයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් හොඳින් පන්දුව දෝලනය කල බවක් පෙනෙන්නට තිබුණි.
තරඟයේ යොමුකල දෙවැනි පන්දුවෙන්ම ආරම්භක පිතිකරු මහ්මදුල් හසන් ජෝයි ගේ ඉනිම නිමා කරන්නට කසුන් රාජිත සමත් විය.මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 24 ක් වන විට රාජිත අසිත සුසංයෝගය එක්ව බංග්ලාදේශයේ මුල් පෙල පිතිකරුවන් පසෙ දෙනෙකු ක්‍රීඩා ගාරය වෙත හරවා යවා තිබුණි.
දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශය කඩුලු 5 ක් දැවී ලකුණු 66 ක් රැස් කරගෙන සිටියේය.නොදැවී කඩුල්ලේ රැඳී සිටින මුශ්ෆිකර් රහීම් ලකුණු 22 ක් හා ලිටන් දාස් ලකුණු 26 ක් රැස් කරගෙන සිටී.
පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 3 ක් හා අසිත ප්‍රනාන්දු කඩුලු 2 ක් බිඳ හෙළුවේය.දඟ පන්දු යවන්නන්ට එතරම් සහනයක් තණතීරුවෙන් ලැබෙන බවක් දක්නට නොලැබෙන මුත් ප්‍රවීන් ජයවික්‍රම එක් අන්තයකින් හොඳින් පන්දු යවමින් සිටින ආකාරයක් පෙනෙන්නට තිබේ.