Cricket NewsEXCLUSIVE

Virat Kohli, Rohit Sharma වැනි නම් දැරූ ක්‍රීඩකයන් පිරිවරා සිටින ඉන්දීය කණ්ඩායමට එරෙහි සංග්‍රාමයට දසුන් ශානක ප්‍රමුඛ සිංහ කණ්ඩායම සුදානම්.!

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය අදින් ආරම්භ වනවා.

මීට පෙර පැවති විස්සයි-20 තරගාවලිය 2-1ක් ලෙස ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වුණා. කෙසේ නමුත් එක්දින තරඟ පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑත කාලින දස්කම් කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණ තිබීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කරමින් තරඟාවලිය සියතට ගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකාව සතුයි.

එමෙන්ම මීට පෙර ඉන්දියාවේදි එක්දින තරඟයක් ක්‍රිඩා කර තිබෙන ශ්‍රී ලංකා සංචිතයේ සිටින එකම ක්‍රිඩකයා වන්නේ සදීර සමරවික්‍රමයි. අන් සියලු ක්‍රිඩකයන් මීට පෙර ඉන්දියාවේදි එක්දින තරඟයක් හෝ ක්‍රිඩා කර නොමැති වීම විශේෂත්වයක්.

එක්දින තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම රෝහිත් ශර්මා වෙත පැවරී තිබෙන අතර විස්සයි-20 තරඟාවලියේදී විවේක ගැන්වූ Virat Kohli, Rohit Sharma, KL Rahul වැනි ඉන්දීය කණ්ඩායමේ ස්ථාවර ක්‍රීඩකයන් නැවතත් සිය කණ්ඩායම සමග අද එක් වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු පරිදි නායක දසුන් ශානක විසින් මෙහෙයවන අතර එළඹෙන එක් දින ලෝක කුසලාන තරගාවලියට පෙර ඉන්දියාවේ දී ක්‍රීඩා කිරීමට ලැබීම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට විශාල අවස්ථාවක් වනු ඇත.

තරඟය අද පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි.

අද දිනයේදි ක්‍රිඩා කිරීමට වැඩිම ඉඩ කඩක් ඇති ශ්‍රී ලංකා සහ ඉන්දීය සංචිත පහතින්

Sri Lanka: Pathum Nissanka, Kusal Mendis, Avishka Fernando, Charith Asalanka, Dhananjaya de Silva, Dasun Shanaka (c), Wanindu Hasaranga, Chamika Karunaratne, Maheesh Theekshana, Dilshan Madushanka, Lahiru Kumara

India: Rohit Sharma (c), Shubman Gill, Virat Kohli, Suryakumar Yadav, Shreyas Iyer, KL Rahul, Hardik Pandya, Axar Patel, Mohammed Shami, Mohammad Siraj, Kuldeep Yadav

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button