Cricket KnowledgeCricket NewsEXCLUSIVE

වසරකටත් වැඩි කාලයකට පසු, “ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය” සමග නැවත කලඑළි බසින සූරියවැව ක්‍රිකට් ක්‍රිඩාංගනය.!

හාහාපුරා කියලා පසුගිය වසරෙ, ඒ කියන්⁣නෙ 2020 පැවති පළමු LPL තරඟාවලියේ සියලු තරඟ සාර්ථකව පැවැත්වීමට සහයෝගය දුන් හම්බන්තොට ක්‍රිඩාංගනය.

2021 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් වටයේ තරඟ සඳහා සත්කාරත්වය දරන්න ගියවරටත් වඩා සාර්ථකව පැවැත්වීමට මෙවර සූදානමින් සිටිනවා.

එමෙන්ම ආයතනික වශයෙන් නිසි කළමනාකරනයක් නොමැති කමින්
වසරකටත් වැඩි කාලයක් සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රිඩාංගනට වසරක කාලයක් යනතුරුම තරඟයක් හෝ ⁣පැවැත් වීමට නොහැකි විය.

අවසන් වරට අන්තර්ජාතික තරඟයක් පවත්වා ඇත්තේ 2020 වසරේ වන අතර එය දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවති එක්දින තරඟයකි.

එමෙන්න මෙම ක්‍රිඩාංගනයේ පැවති අවසාන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය පවත්වා මේ වන විට වසර 8 කටත් වඩා කාලයක් ගෙවී ගොස් තිබේ.

2012 වසරේදි ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදි දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කරන සුපිරි වේග පන්දු යවන ක්‍රිඩක ඩේල් ස්ටේන් සූරියවැව ක්‍රිඩාංගනය ගැන මෙලෙස ප්‍රකාශ කර සිටියා.

“මෙම ක්‍රිඩාංගනය ඉතාමත් අලංකාරයි හරියට අපේ රටේ ක්‍රිඩාංගනයක් හා සමානයි”

ඒ අනුව ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග මෙම සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතය.

මෙවර LPL අවසන් තරඟ සඳහා සුරියවැව ක්‍රිඩාංගනයේ සුදානම දැක්වෙන ජයාරූප කිහිපයක් පහතින්,

01

02

03

04

05

සටහන – Janith Maheeshan
ජයාරූප – Asanga Sumudu

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7