Cricket NewsEXCLUSIVEIPL

දුෂ්මන්ත චමීරගේ සුපිරි පන්දු යැවීම ඉදිරියේ නම් දැරූ ප්‍රභල Kolkata Knight Riders පිතිකරුවන් පසුබායි – KKR නායකයාවත් දවා ගනිමින් සුපිරි පන්දු යැවීමක්.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 53වන තරගය ලෙස Lucknow Super Giants කණ්ඩායම සහ Kolkata Knight Riders කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 75ක ජයක් හිමිකර ගැනීමට Lucknow Super Giants කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Kolkata Knight Riders ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Lucknow Super Giants කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Lucknow Super Giants කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 176ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 177ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Kolkata Knight Riders පිතිකරුවන්ට පන්දුවාර 14.3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 101ක් පමණයි.

Lucknow Super Giants වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර මෙම තරඟයේත් විශිෂ්ට පන්දු යැවීමක නිරත වුනා.

මෙහිදී දුෂ්මන්ත චමීර පන්දුවාර 3ක් ක්‍රියාත්මක කරනු ලැබුවේ ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු 14ක් පමණක් ලබා දෙමින් Kolkata Knight Riders නායක Shreyas Iyerගේ ද කඩුල්ල දවා ගනිමිනි.

දුෂ්මන්ත චමීර Shreyas Iyerව දවා ගත් ආකාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button