Cricket GossipEXCLUSIVESocial Reaction

ක්‍රිකට් ලෝකයම මවිත කරවූ දසුන් ශානකගේ විශිෂ්ට පිතිකරණය රටවල් රැසක You Tube Trending ලැයිස්තුව අතික්‍රමණය කරයි.!

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් පැවති විස්සයි-20 තරඟාවලියේ පසුගිය දා පැවති අවසන් විස්සයි-20 තරඟයෙන් කඩුලු 4ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් 2-1ක් ලෙස තරඟාවලිය ගෞරවාන්විතව අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

එහිදී අවසන් පන්දුවාර 3ට ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 59ක් අවශ්‍ය වූ අතර එම අවස්ථාවේ පිටියේ සිටි නායක දසුන් ශානක සහ චාමික කරුණාරත්න සාර්ථකව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගිය අතර විශිෂ්ට පිතිහරඹයක් දියත් කල ශ්‍රී ලංකා නායක දසුන් ශානක පන්දු 25ක් තුල ලකුණු 54ක් රැස් කිරීමට සමත් වුනා.

ඒ අනූව ලෝක ශුරයන්ට එරෙහිව 2-1ක් ලෙස තරඟාවලිය ගෞරවාන්විතව නිමා කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර පෙර තරඟ ද්විත්වයම ජය ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරඟාවලියේ ජයග්‍රහයකයන් ලෙස කිරුළු පැළදුවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නිළ You Tube නාලිකාවේ මෙම තෙවන විස්සයි-20 තරඟයේ විශේෂ දර්ශන ඇතුලත් Highlight වීඩියෝව පළ කර තිබෙන අතර මේ වන විට ලොව පුරා රටවල් රැසක You Tube Trending ලැයිස්තුව ආක්‍රමණය කිරීමට මෙය සමත් වී තිබෙනවා.

මේ වන විට එම වීඩියෝව ඉන්දියාව, බංග්ලාදේශය, සෞදි අරාබිය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් කීපයකම Trending ලයිස්තුව අතික්‍රමණය කර අවසන්.

අද උදෑසන වන විට ලොව පුරා රටවල් බොහොමයක Trending ලයිස්තුවේ එම වීඩියෝව මෙම ආකාරයට සටහන් වී තිබුණා.

ශ්‍රී ලංකාව – You Tube Trending 01

ඉන්දියාව – You Tube Trending 10
එංගලන්තය – You Tube Trending 10
කුවේට් – You Tube Trending 01
බංගලදේශය – You Tube Trending 36
එමිරේට්ස් – You Tube Trending 01
කටාර් – You Tube Trending 05
ඕමාන් – You Tube Trending 07
ඕස්ට්‍රේලියා – You Tube Trending 09
සෞදි අරාබිය – You Tube Trending 10
ඉතාලිය – You Tube Trending 27
පකිස්තානය – You Tube Trending 47

(2022.06.13 උදෑසන වන විට)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7