Cricket NewsEXCLUSIVEIPL

වනිඳු හසරංග යොමු කළ ගුග්ලි පන්දුවක් හමුවේ භානුක රාජපක්ෂ එක් ලකුණකට දැවී යයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 60වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ වනිඳු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Royal Challengers Bangalore නායක FAF ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Punjab Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව Royal Challengers Bangalore පිතිකරුවන් පිටියට පිවිසියා. මේ අතර Punjab Kingsකණ්ඩායමේ අංක 3 පිතිකරුවා ලෙස පිටියට පිවිසි ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂව සිය පළමු පන්දුවාරයේදීම දවා ගැනීමට Royal Challengers Bangalore කණ්ඩායමේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත් වුනා.

ඒ අනුව භානුක රාජපක්ෂට අද ලබා ගැනීමට හැකි වුයේ එක් ලකුණක් පමණයි.

වනිඳු හසරංග යොමු කළ පන්දුවක් හමුවේ භානුක රාජපක්ෂ දැවී ගිය ආකාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7