Cricket NewsEXCLUSIVEIPL

දැවැන්ත හයේ පහර 7ක් සමගින් RCB පන්දු රකින්නන් ප්‍රේක්ෂකයන් බවට පත් කළ Jonny Bairstowගේ ආරම්භක ගිනිකෙළි සැණකෙළිය.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 60වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ වනිඳු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Royal Challengers Bangalore නායක FAF ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Punjab Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Punjab Kings පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 209ක දවන්ට ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා. එහිදී Punjab Kings කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිසි Jonny Bairstow අද දිනයේදී සුපිරි පිතිකරණයක් දියත් කරනු ලැබුවේ පන්දු 29ක් තුල අධි වේගී ලකුණු 66ක් රැස් කරමිනි.

ඔහුගේ මෙම සටන්කාමී ඉනිමට දැවැන්ත හයේ පහර 8ක් සහ හතරේ පහර 4ක් ඇතුලත් වූ අතර ප්‍රහාරාත්මක වේගය 227.59 ලෙස සටහන් වුනා.

Punjab Kings කණ්ඩායමට ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍යම තරඟයක් වන මෙම තරඟයේ ප්‍රතිවාදී කණ්ඩායමට එරෙහිව දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීම සඳහා Jonny Bairstow දැවැන්ත දායකත්වයක් ලබා දුන්නා.

Jonny Bairstowගේ එම සන්කමි ඉනිම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7