Cricket NewsEXCLUSIVEIPL

Punjab Kings කණ්ඩායමට අතිශය තීරණාත්මක තරඟයේදී භානුක රාජපක්ෂ ලකුණු 4කට දැවී යයි.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ අවසන් වටයට ලඟා වෙමින් තිබෙනවා.

මේ අතර අද තරගාවලියේ 64වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ Delhi Capitals කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වුනා.

අද තරඟයේ ජයග්‍රාහකයන්ට පමණක් තරඟාවලියේ අවසන් වටය පිළිබඳව තවදුරටත් බලපොරොත්තු තබා ගත හැකි අතර ඒ හේතුවෙන් අද තරඟය අතිශය තීරණාත්මක මුහුණුවරක් ගෙන තිබෙනවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල Punjab Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Delhi Capitals කණ්ඩායමට අරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Delhi Capitals පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 159ක් රැස් කිරීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 160ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා Punjab Kings පිතිකරුවන් පිටියට පිවිස සිටිනවා. මේ අතර Punjab Kingsකණ්ඩායමේ අංක 3 පිතිකරුවා ලෙස පිටියට පිවිසි ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂට අද ලබා ගැනීමට හැකි වුයේ එලකුණු 4ක් පමණයි.

Shardul Thakur විසින් යොමු කළ පන්දුවක් හමුවේ Anrich Nortje අතට උඩ පන්දුවක් ලබා දෙමින් භානුක රාජපක්ෂ දැවී ගියා

භානුක රාජපක්ෂ දැවී ගිය ආකාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button