Cricket NewsEXCLUSIVEIPL

තරඟ කණපිට හරවන David Warner, Liam Livingstone විසින් යොමු කල තරඟයේ පළමු පන්දුවෙන්ම දැවී ගිය ආකාරය.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ අවසන් වටයට ලඟා වෙමින් තිබෙනවා.

මේ අතර අද තරගාවලියේ 64වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ Delhi Capitals කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වුනා.

අද තරඟයේ ජයග්‍රාහකයන්ට පමණක් තරඟාවලියේ අවසන් වටය පිළිබඳව තවදුරටත් බලපොරොත්තු තබා ගත හැකි අතර ඒ හේතුවෙන් අද තරඟය අතිශය තීරණාත්මක මුහුණුවරක් ගෙන තිබෙනවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල Punjab Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Delhi Capitals කණ්ඩායමට අරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Delhi Capitals පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 159ක් රැස් කිරීමට සමත් වුනා.

මෙහිදී තරඟයේ තීරණයට විශාල බලපෑමක් සිදු කල හැකි ක්‍රීඩකයකු ලෙස සැලකෙන Delhi Capitals කණ්ඩායමේ ආරම්භක පිතිකරු David Warnerගේ දැවී යාම Delhi Capitals කණ්ඩායමට විශාල බලපෑමක් සිදු කිරීමට සමත් වුනා.

Liam Livingstone විසින් යොමු කල තරඟයේ පළමු පන්දුවෙන්ම David Warner දැවී ගියේ Rahul Chahar අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

David Warnerගේ දැවී යාම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button