Cricket NewsEXCLUSIVEIPLMatch Review

මුල් පෙළ පිතිකරුවන්ගේ දියාරු පිතිකරණය හේතුවෙන් Punjab කණ්ඩායමට Delhi ඉදිරියේ ලකුණු 17ක පරාජයක් – පරාජයත් සමග භානුකගේ Punjab Kings තරඟාවලියෙන් ඉවතට.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ අවසන් වටයට ලඟා වෙමින් තිබෙනවා.

මේ අතර අද තරගාවලියේ 64වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ Delhi Capitals කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් ලකුණු 17ක ජයක් වාර්තා කරමින් මෙවර තරඟාවලියේ අවසන් වටය පිළිබඳව තවදුරටත් බලපොරොත්තු තබා ගැනීමට Delhi Capitals අද සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල Punjab Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Delhi Capitals කණ්ඩායමට අරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Delhi Capitals පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 159ක් රැස් කිරීමට සමත් වුනා.

Punjab Kings වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Mitchell Marsh පන්දු 48කදී ලකුණු 63ක් වාර්තා කිරීමට සමත් වුනා.

Sarfaraz Khan ලකුණු 32ක් රැස් කළ අතර Lalit Yadav ලකුණු 22ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Liam Livingstone සහ Arshdeep Singh කඩුලු 3 බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 160ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Punjab Kings පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 142ක් පමණයි

Punjab Kings ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Jitesh Sharma පන්දු 34ක් තුල ලකුණු 44ක් රැස් කල අතර Jonny Bairstow ලකුණු 28ක් රැස් කළා.

පන්දු යැවීමේදී Shardul Thakur කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.

මෙම පරාජයත් සමග Punjab Kings කණ්ඩායමට මෙවර තරඟාවලියේ අවසන් වටයට පිවිසීමේ බලාපොරොත්තු සුන් වී ගියා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7