Cricket NewsEXCLUSIVEIPL

තරඟය පැවති ක්‍රීඩාංගනය ආශ්‍රිත ප්‍රදේශයට විදුලි කප්පාදුවක් පැවතීම හේතුවෙන් Devon Conway ඉතා අවාසනාවන්ත ලෙස දැවී යයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 59වන තරගය ලෙස Chennai Super Kings කණ්ඩායම සහ Mumbai Indians කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට Mumbai Indians කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Mumbai Indians නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Chennai Super Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම පන්දුවාර 16ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වුයේ ලකුණු 97ක් පමණි.

ඒ අනුව ලකුණු 98ක පහසු ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Mumbai Indians පිතිකරුවන් පන්දුවාර 14.5ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 103ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

කෙසේ නමුත් අද තරඟය පැවති Wankhede ක්‍රීඩාංගනය ආශ්‍රිත ප්‍රදේශයට විදුලි කප්පාදුවක් පැවතීම හේතුවෙන් අද තරඟයේ DRS වැනි තාක්ෂණික ක්‍රම ක්‍රියාත්මක වුයේ නැහැ.

ඒ හේතුවෙන් දුර්වල විනිසුරු තීරණයක් මත ඉතා අවාසනාවන්ත ලෙස දැවී යාමට Devon Conway හට සිදු වුනා. එම අවස්ථාව නැවත පසු දර්ශන මගින් නරඹන විට පන්දුව කඩුල්ලේ නොවදින බව පෙනී ගියත් DRS තාක්ෂනය නොමැති කමින් විනිසුරු වරයාගේ තීරණය අවසන් තීරණය බවට පත් වුනා.

Devon Conwayගේ අවාසනාවන්ත දැවී යාම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7