Cricket NewsEXCLUSIVEInternational

“ශකිබ්ව IPL කණ්ඩායම් වෙන්දෙසියටත් කලින් ඩිරෙක්ට්ම ඉල්ලුවා, නැතුව මේ එයාව ගත්තෙ නෑ නෙමෙයි” – ශකිබ් අල් හසන් IPL හි අලෙවි නොවීම ගැන බිරිඳ කතා කරයි.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ නිමාව දුටුවේය.ඊයේ පැවැති ක්‍රීඩක වෙන්දේසියේ දෙවන වටයේදීද ප්‍රභල ක්‍රීඩකයින් රැසක් වෙන්දේසි නොවීම කැපී පෙනුණි.

ඒ අතරට වත්මන් එක්දින තුන්ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි පළමු වැන්නා හා විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථාන වල පසුවන බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන්ද එක් විය.

කෙසේනමුත් මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී වෙන්දේසි නොවූ තම සැමියා වෙනුවෙන් ශකීබ් අල් හසන්ගේ බිරිඳ ඇයගේ නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ යම් ආවේගශීලී සටහනක් තබමින් ශකීබ් වෙන්දේසියේදී අලෙවි නොවූ හේතුව සඳහන් කර සිටියේය.

ශකීබ්ගේ බිරිඳ වන සකීබ් උමෛ අල් හසන් තම ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන

Before you get too excited a Couple of teams contacted him directly ahead of time if he can be available for the full season, but unfortunately he can’t due to Sri Lanka series! This is why he did not get picked which is not a big deal, it is not the end, there’s always next year! In order to be picked he needed to skip SL series, so if he was picked would you have said the same? or would you have made him a traitor by now? Sorry to pour water on your excitement!

එම සටහනේ සිංහල පරිවර්ථනය

ඔබ ඕනෑවට වඩා උද්යෝගිමත් වීමට පෙර IPL කණ්ඩායම් කිහිපයක් ඔහුව සම්පූර්ණ වාරය සඳහාම කෙළින්ම සම්බන්ධ කර ගැනීමට විමසුවා,නමුත් අවාසනාවකට ඔහුට ශ්‍රී ලංකා තරඟාවලිය නිසා IPL තරඟ වාරයම ක්‍රීඩා කල නොහැක. මේ නිසා ඔහු තෝරා නොගත්තේය, එය එතරම් විශාල දෙයක් නොවේ, එය අවසානයද නොවේ, සෑම විටම ලබන වසරක්ද තිබේ.

ඔහුව තෝරා ගත්තා නම් ඔහුට ශ්‍රී ලංකා තරඟ මාලාව මග හැරෙනු ඇත, එබැවින් ඔහුව තෝ රා ගත්තා නම් ඔබ මෙලෙසම කියනු ඇත්ද? නැත්නම් ඔබ මේ වන විට ඔහු ද්‍රෝහියෙකු කර තිබේද? ඔබේ උද්යෝගය මත ජලය වත් කිරීම ගැන කණගාටුයි!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7