Cricket NewsEXCLUSIVELPL

2021 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පළමු අර්ධ ශතකය භානුක රාජපක්ෂගේ ප්‍රහාරාත්මක පිත්තෙන් වාර්තා වෙයි.!

ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වූයේ Galle Gladiators සහ Jaffna Kings අතර තරඟයෙනි.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහනය කළ Jaffna kings නායක තිසර පෙරේරා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා Galle Gladiators ක්‍රීඩකයින්ට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Galle Gladiators පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 164 ක් රැස් කිරීමට සමත් වුණා.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගාවලියේ ප්‍රථම අර්ධ ශතකය වාර්තා කිරීමට අද තරඟයේදි Galle Gladiators නායක භානුක රාජපක්ෂ සමත් වුණා.

ලකුණු 43කට කඩුලු 3ක් දැවී දැඩි අසීරු තත්වයක සිටි Galle Gladiators ඉණිම සවිමත් කල භානුකගේ වේගවත් පිතිකරණය පන්දු 31ක් පුරා ක්‍රියාත්මක වූ අතර භානුකගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 3ක් සමග හතරේ පහරවල් 6ක් ඇතුළත් වුණා.

ඔහුගේ ඉනිමේ ප්‍රහාරාත්මක වේගය 180.64 ක් ලෙස ද සටහන්ව තිබූ අතර ඒ අනුව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම අර්ධ ශතකය ලබාගත් ක්‍රීඩකයා බවට Galle Gladiators නායක භානුක රාජපක්ෂ පත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button