Cricket NewsEXCLUSIVELPL

ඩර්බන් වීදියේ අඳුරු මතක අමතක කොට, කලකට පසුව පිටියට පිවිසි ධනුෂ්ක ලකුණු 8කටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 16කටත් දැවී යයි.!

ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වූයේ Galle Gladiators සහ Jaffna Kings අතර තරඟයෙනි.

තරඟාවලියේදී වැඩි අවධානයක් දිනාගෙන තිබෙන ක්‍රීඩකයන් දෙදෙනෙකු වන කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩා කරනු ලබන්නේද Galle Gladiators කණ්ඩායමටයි.

මෙම වසරේ මැද භාගයේ පැවති එංගලන්ත සංචාරයක් අතරතුර ජෛව බුබුලේ නීතිය උල්ලංඝනය කරමින් ඉබාගාතේ ඇවිද යාමේ වරදට වරදකරු වූ කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් තිදෙනා හට ජාත්‍යන්තර තහනමක් පනවා තිබෙන අතර එම තහනමෙන් අනතුරුව ඔවුන් නැවතත් ක්‍රිකට් පිටියට අවතීර්ණ වී ක්‍රීඩා කරන පළමු තරඟාවලිය මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියයි.

ඒ අනුව කලකට පසුව එංගලන්තයේ ඩර්බන් අමිහිරි අත්දැකීම අමතක කරමින් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දනුශ්ක ගුණතිලක සිය ඉනිම හතරේ පහරකින් ආරම්භ කිරීමට සමත් වුවත් ඔහු ලකුණු 8ට දැවී ගියා.

කුසල් මෙන්ඩිස් හටද මෙම තරඟයේ දී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 16ක් පමණයි.

මෙවර තරඟාවලියේදි මෙම ක්‍රිඩකයන් තිදෙනාගෙන්ම ප්‍රභල වෙනසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රෙක්ශකයන් බලාපොරොත්තු වන අතර සමාජ මාධ්‍යයේ මේ වන විටත් ඔවුන් පිළිබදව විවිද අදහස් හුවමාරු වෙමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7