Cricket NewsEXCLUSIVE

තමන්ට පැමිණි සියලු අභියෝගයන් සාර්ථකව ජයගත් භානුක රාජපක්ෂ නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිළ ජර්සියෙන් සැරසෙයි.!

මෑතකාලීනව ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව කතිකාවතක් ආරම්භ කළහොත් එහි ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයෙකු ලෙස භානුක රාජපක්ෂ හැඳින්විය හැකිය.

මන්දයත් පසුගිය කාලසීමාවේ ඔහු මුහුණ දුන් ඇතැම් අත්දැකීම් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් ඔහු වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවා පැවැත්වීමට කටයුතු කළා.

ඉතා ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයකටම මූලික වූ භානුක රාජපක්ෂ වරෙක ඉල්ලා අස් වූ අතර පාර්ශව රැසකගේ ඉල්ලීම මත නැවතත් ඔහු එය ඉවත් කර ගනිමින්, තමාට එල්ල වූ අභියෝග වලට අති සාර්ථකව පිළිතුරු ලබාදෙමින් නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිළ ජර්සියෙන් සැරසීමේ අවස්ථාව හිමි කරගෙන තිබෙනවා.

පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දී විශිෂ්ට දස්කම් දැක්වීමට භානුක රාජපක්ෂ සමත් වුනා.

කෙසේ නමුත් අනතුරුව භානුක රාජපක්ෂගේ ශරීරය, ශාරීරික යෝග්‍යතා අනුකූලව නොමැති බව ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔස්ට්‍රේලියානු සංචාරයෙන් සහ ඉන්දීය තරග සංචාරයන් ඔහුව ඉවත් කරනු ලැබුවා.

කෙසේ නමුත් ලෝක කුසලානයේ දැක්වූ දස්කම් මත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලකට Punjab Kings විසින් භානුක රාජපක්ෂව මිලදී ගනු ලැබුවා.

එහිදී ලැබුණු අවස්ථාවන්හි තමන්ට එල්ල වූ සියලු චෝදනා වලට පිත්තෙන් පිළිතුරු ලබා දුන් භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට නැවත නැවතත් ඔවුන් ලබා ගත් තීරණය “බරපතළ වැරැද්දක්” බව සිය පිත්ත මගින් පෙන්වීමට සමත් වුනා.

ඒ අනුව භානුක රාජපක්ෂ දැක්වූ දස්කම් මත මෙවර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය ⁣සදහා පැවැත්වෙන විස්සයි-20 තරඟ 3කින් සහ එක්දින තරඟ 5කින් යුත් තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට නැවතත් භානුක රාජපක්ෂ කැඳවා තිබෙන අතර අද දිනයේ පැවති පළමු පුහුණු සැසියේ භානුක රාජපක්ෂ පුහුණු වීම් වලද නියැළී සිටියා.

ඒ අනුව එළඹෙන 7 වන දා පැවැත්වෙන පළමු විස්සයි-20 තරඟයේ සිට නැවතත් සුවහසක් ශ්‍රී ලංකේය ක්‍රිකට් රසිකයන්ට භානුක රාජපක්ෂ ගේ ගිණි කෙළි පිතිකරණය නැරඹීමේ අවස්ථාව උදා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button