Cricket NewsEXCLUSIVEIPL

තමාට සිදුවන කෙනෙහිලිකම් වලට පිත්තෙන් පිළිතුරු දෙමින් පන්දු 22ක් පුරා ක්‍රියාත්මක වූ භානුක රාජපක්ෂගේ ගිණිකෙළි සැණකෙළිය.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය ඊයේ අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ වූවා.

තරගාවලියේ තෙවන තරගය ලෙස Royal Challengers Bangalore කණ්ඩායම සහ Punjab kings අතර පැවැත්වෙන තරඟය ශ්‍රී ලාංකේය ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට ඉතා වැදගත් තරගයක් බවට පත් වුවා.

ඒ Royal Challengers Bangalore නියෝජනය කරමින් වනිදු හසරංගත් Punjab Kings නියෝජනය කරමින් භානුක රාජපක්ෂත් තරඟයට ක්‍රිඩා කරන නිසාය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමෙන් කලකට පසුව බිහිවූ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙසින් සැලකෙන භානුක රාජපක්ෂ අද දිනයේ දී Punjab Kings වෙනුවෙන් IPL වරම් දිනාගනු ලැබුවා.

ඒ අනුව සිය ප්‍රථම තරඟයට ක්‍රීඩා කරන භානුක රාජපක්ෂ පන්දු 22ක් තුළ අධිවේගී ලකුණු 43ක් රැස් කරමින් Punjab Kings කණ්ඩායමට ජයග්‍රාහි බලාපොරොත්තු රැගෙන ඒමට සමත් වූනා.

ඒ ලකුණු 206ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යමින් සිටි Punjab Kings කණ්ඩායමට එම ඉලක්කය පහසු කරමිනි.

භානුකගේ මෙම අධිවේගී ඉනිමට දැවැන්ත හයේ පහරවල් 4ක් සමඟ හතරේ පහරවල් 2ක් ඇතුලත් වූ අතර ප්‍රහාරාත්මක වේගය 195.45ක් ලෙස සටහන් වුණා.

Punjab Kings වෙත ජයග්‍රාහි බලාපොරොත්තු රැගෙන ආ භානුකගේ ගිණිකෙළි ප්‍රහාරයේ වීඩියො දර්ශන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button