Cricket NewsEXCLUSIVEIPLMatch Review

Odean Smithගේ සහ භානුක රාජපක්ෂගේ ⁣ප්‍රහාරාත්මක පිතිකරණය හේතුවෙන් RCB පැරද වූ Punjab kings ජයග්‍රාහීව තරඟාවලිය අරඹයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය ඊයේ අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ වූවා.

තරගාවලියේ තෙවන තරගය ලෙස Royal Challengers Bangalore කණ්ඩායම සහ Punjab kings අතර පැවැත්වුණු තරඟය ශ්‍රී ලාංකේය ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට ඉතා වැදගත් තරගයක් බවට පත් වුවා.

ඒ Royal Challengers Bangalore නියෝජනය කරමින් වනිදු හසරංගත් Punjab Kings නියෝජනය කරමින් භානුක රාජපක්ෂත් තරඟයට ක්‍රිඩා කරන නිසාය.

ඒ අනුව අද පැවැත්වුණු තරඟාවලියේ තෙවන තරඟයේදී Royal Challengers Bangalore පරාජය කරමින් කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Punjab kings සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Punjab kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සදහා Royal Challengers Bangalore කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Royal Challengers Bangalore කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 2 ක් දැවී ලකුණු 205ක් දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

Royal Challengers Bangalore හි වැඩිම ලකුණුලාභියා වූ නායක FAF වේගවත් පිතිකරණයක් දියත් කරමින් පන්දු 57ක් තුළ ලකුණු 88ක් රැස් කිරීමට සමත් වුනා.

Virat Kohli ලකුණු 41ක් රැස් කළ අතර Dinesh Karthik ලකුණු 32ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Rahul Chahar සහ Arshdeep Singh එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 206ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Punjab kings පිතිකරුවන් පන්දුවාර 19ක් අවසානයේ ජයග්‍රාහි ලකුණු සීමාව පසුකර යෑමට සමත් වුණා.

Punjab kings වෙනුවෙන් සිය ප්‍රථම තරඟය ක්‍රීඩා කල භානුක රාජපක්ෂ Punjab kings වෙනුවෙන් සටන්කාමී වේගවත් ඉනිමක් දියත් කලේ එතෙක් Punjab kings වෙත තිබු පීඩනය සම්පුර්ණයෙන්ම Royal Challengers Bangalore වෙත හරවමිනි.

භානුක පන්දු 22ක් තුල ලකුණු 43 ක් රැස් කළ අතර Shikhar Dhawan ලකුණු 43ක් රැස්කළා.Mayank Agarwal
ලකුණු 32ක් රැස් කල අතර අවසන් මොහොතේ වේගවත් පිතිකරණයක් දියත් කරමින් පන්දු 8ක් තුල ලකුණු 25ක් රැස් කල Odean Smith සිය කණ්ඩායම පහසුවෙන් ජයග්‍රාහී සිමාව වෙත රැගෙන යාමට කටයුතු කළා.

පන්දු යැවීමේදී Mohammed Siraj විසින් කඩුලු 2ක් බිඳ හෙලූ අතර වනිදු හසරංග එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button