Cricket NewsEXCLUSIVELegends Series

TM ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා Legends කණ්ඩායම තරඟ වදින “Legends ලෝක ශූරතාවලිය” ඇරඹෙන දින තීරණය වෙයි.!

ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන Road Safety Legends ලෝක ශූරතාවලියේ දෙවැනි අදියර එළඹෙන ජූනි මස 4 වැනිදා සිට ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

පසුගිය පෙබරවාරි මාසයේ ආරම්භවීමට තිබු තරඟාවලිය විවිද හේතුන් මත කල් ගිය අතර මේ වන විට පැවැත්වෙන දිනය තීරණය කර තිබෙනවා.

මෙවර ඒ සඳහා කණ්ඩායම් 8ක් සහභාගී වීමට නියමිත අතර නවසීලන්ත Legends කණ්ඩායම ඒ සඳහා එක්වන අලුත්ම කණ්ඩායමයි.

මෙහි පළමු අදියරේ දී ශූරතාවය දිනා ගත් ඉන්දීය ප්‍රවීණයින්ගේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම Sachin Tendulkar විසින් සිදු කලත් මෙවර එයට ප්‍රශ්නාර්තයක් මතු වී තිබෙනවා.

එමෙන්ම එහි අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා Legends කණ්ඩායම තිලකරත්න ඩිල්ශාන් විසින් මෙහෙයවනු ලබනවා.

Road Safety Legends ලෝක ශූරතාවලිය සඳහා එක්වන කණ්ඩායම් මෙසේයි,

Sri Lanka Legends

India Legends

South Africa Legends

Australia Legends

England Legends

Bangladesh Legends

New Zealand Legends

West Indies Legends

කෙසේ නමුත් පසුගිය දා විශ්‍රාම ගිය තිසර පෙරේරා සහ ඉසුරු උදාන වැනි ක්‍රීඩකයින් මේ වසරේ ශ්‍රී ලංකා Legends කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා නොකරනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7