Cricket NewsEXCLUSIVE

ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වල අනිසි බලපෑමෙන් ජාත්‍යන්තර ක්‍රිකට් රැකගන්නට ICC ය මැදිහත්වෙයි ! ෆ්‍රැන්චයිස් තුලට නව නීති කිහිපයක් එක් කරයි !

ගෙවුණු දශකයට සාපේක්ෂව මේ දශකය වන විට ලොව පුරා ව්‍යාප්තව තිබෙන ෆ්‍රැන්චයිස් ලීග් තරගාවලි සංඛ්‍යාව අතිශය ඉහළ මට්ටමකට පැමිණ තිබේ.වර්ථමානය වන විට අවම වශයෙන් ප්‍රමුඛ පෙලේ ෆ්‍රැන්චයිස් ලීග් එකකට හෝ සත්කාරකත්වය සෑම මහද්වීපයක්ම ලබාදෙන අතර මේ හේතුවෙන් වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩකයින් තම මව් රටින් පිරිනමනු ලබන මධ්‍යම කොන්ත්‍රාත්තුව පවා ප්‍රතික්ෂේප කිරීම කැපී පෙනුණි.

එමෙන්ම මෙහි අනිසි බලපෑම තුල කාර්‍ය බහුල තරඟ කාලසහටන් නිසා ටෙස්ට් තරඟ රටාව ප්‍රධාන කරගත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ලැබී ඇති අතර තවත් වසර කිහිපයක් ගතවන කල අලුබඳුන,බ්‍රෝඩර් ගවස්කාර් තරඟාවලිය හා තවත් සීමිත සාම්ප්‍රදායික ටෙස්ට් තරඟාවලි කිහිපයකට ටෙස්ට් ක්‍රිකට් සීමා වීමේ ඉහළ ඉඩකඩක් නිර්මාණය ව තිබෙන්නේ මේ ෆ්‍රැන්චයිස් ලීග් හේතුවෙන්.

ෆ්‍රැන්චස් ලීග් තරඟ ජාත්‍යන්තර ක්‍රිකට් තුලට සිදු කරන හානිය වලක්වාගැනීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය මැදිහත්වීමට තීරණය කර තිබෙන්නේ හේතු ගණනාවක් පදනම් කරගෙනය.

ICC ය විසින් පැනවීමට සැරසෙන පළමු නීතිය වන්නේ යම් කිසි ක්‍රීඩකයෙකු හට ෆ්‍රැන්චයිස් ලීගයක් තුලින් ලැබෙන ආදායමෙන් 10% ට නොඅඩු මුදලක් තම මව් රටේ ක්‍රිකට් පාලක මණ්ඩලයට අනිවාර්යයෙන් ගෙවීමට සිදුවීමයි.තමන්ට එකී ෆ්‍රැන්චයිසය තුලින් ලැබෙන ගෙවීමෙන් 10% ක අවමයක් තම රටේ ක්‍රිකට් පද්ධතියේ උන්නතිය වෙනුවෙන් වෙන් කිරීමට දැන් ක්‍රීඩකයින්ට සිදුවනු ඇත.

එමෙන්ම ICC ය එක් ෆැන්චයිස් එකක් (කණ්ඩායමක්) සඳහා එක් කර ගත හැකි ක්‍රීඩකයින් ගණන සීමා කර තිබේ.වර්ථමානය වන විට එක් කණ්ඩායමක ක්‍රීඩා කල හැකි විදෙස් ක්‍රීඩකයින් ගණන අසීමිත වීම මත එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුල පැවැත්වෙන ILT20 තරඟාවලිය තුල එක් කණ්ඩායමක් විදෙස් ක්‍රීඩකයින් 9 දෙනෙකු ක්‍රීඩා කරනු ලබයි.

මෙය ක්‍රීඩකයින් හතරක් දක්වා සීමා කිරීමට ICC මඟින් ගෙන එනු ලබන දෙවැනි නීතිය ඔස්සේ හැකියාව ලැබෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
16
+1
1
+1
2
+1
0
+1
1
+1
7

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button