Cricket NewsEXCLUSIVEInternational

ප්‍රභල සිම්බාබ්වේ කණ්ඩායම සමග වි-20 තරගාවලිය ශ්‍රී ලංකාව ජයගනී

දෙපිල අතර මීට පෙර පැවැති එක්දින තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම 2-0 ක ජයක් ලබාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ ක්‍රීඩකයෝ, වනිඳු හසරංග (15/4), මහීෂ් තීක්‍ෂණ (14/2) සහ ඇන්ජලෝ මැතිව්ස් (15/2) හමුවේ ලකුණු 82 කට දැවී ගියහ. එය සිම්බාව්වේ කණ්ඩායමක් විස්සයි-20 අන්තර්ජාතික තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ද වෙයි. මීට පෙර ඔවුන්ගේ අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ වසර 2010 දී කොදෙව් පිලට එරෙහිව ගයනාවේදී පැවැති තරගයකදී ලකුණු 84 කට දැවී යාමයි.

ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 83, ඕවර 10.5 කින් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම රාත්‍රී 9.09 වන විට තරගය අවසන් කළහ. නොදැවී ලකුණු 39 ක් ලබාගත් පැතුම් නිස්සංක තරගය අවසන් කළේ සිකන්දර් රාසා හමුවේ ගැසූ අලංකාර හයේ පහරකිනි.

සිම්බාබ්වේ පිතිකරුවන් පළමු ඕවර දෙකින් ලකුණු 28 ක් උදුරා ගත් නමුත් කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගැනීම ප්‍රතිඵල දායක විය.

මෙම තරගය සඳහා චරිත් අසලංක සහ කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩා නොකළහ. ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් කණ්ඩායමට කැඳවා තිබිණ. සිම්බාබ්වේ කණ්ඩායමද එක වෙනස්කමක් කළේ රයාන් බර්ල් කණ්ඩායමෙන් ඉවත් කර ඒ වෙනුවට ටෝනි මුනියොංගා කණ්ඩායමට කැඳවමිනි.

කමිඳුට පන්දුවට පහර දීමේ අවස්ථාව උදා නොවූ නමුත් විස්සයි-20 තරගයකදී වුව තමන් පන්දුවට පහර දිය යුත්තේ පිතිකරු ලයිස්තුවේ ඉහළින් මිස පහළින් නොවන බව ධනංජය ද සිල්වා යළිත් වරක් සනාථ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
0
+1
5
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7