Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකාවෙන් බිහි වූ ශ්‍රේෂ්ටතම ක්‍රිකට් පුරාවෘත්තයක චරිතාපදානය එළි දැක්වේ.!

ඔහු නමින් රොශාන් මහානමය. ක්‍රිකට් ලොව විශිෂ්ටයින් අතර මහත්මයෙක් ලෙස ඉතිහාසගත වූ ක්‍රීඩකයින් අතළොස්ස අතරට එක් වූ ශ්‍රේෂ්ටයෙක්ය.

ක්‍රිකට් වාර්තා පොත් අලුත් කළ විශිෂ්ට පිතිකරුවෙක්ය. ක්‍රිකට් ලොව වර්ණවත් කළ විශිෂ්ට පන්දු යවන්නෙක්ය.

1966 වසරේ මාර්තු මස 31 උපත ලද රොශාන් මහානාම කොළඹ නාලන්දා විද්‍යාලයේ ප්‍රෞඩ ආදි ශිෂ්‍යයෙක්. පාසල් වියේ පටං මහානාම දැක්වූ දක්ෂතාවයන් නිසාවෙන් ශ්‍රී ලංකා ජාතික සංචිතයට මහානාම එක්වන්නේ 19වැනි වියේදීමය.

1986 වසරේ මැයි මස පාකිස්තානයට එරෙහිව ජාතික වරම් හිමි කරගන්නා මහානාම සිය වයස අවුරුදු 20ක් ලෙස සම්පූර්ණ වීමටත් ප්‍රථම ටෙස්ට් වරම් දිනාගැනීමටද සමත් වූයේය.

ඉතා අඩු වයසින්ම ක්‍රිකට් වරම් දිනාගන්නා මහානාම වසර 13ක් පුරාවට ජාතික වගකීම ඉෂ්ට කළ අතර මේ වන විට ලොව වැඩිම ජාත්‍යන්තර තරඟ සංඛ්‍යාවකදී තරඟ තීරකවරයෙකු වශයෙන් කටයුතු කළ අයෙක් බවටද මහානාම පත්වී ඇත.

වසර 1999 දී රොශාන් මහානාම ජාත්‍යන්තර පිටියට සමුදෙන අතර මහානාමගේ මෙම ඉක්මන් සමුගැනීම පිළිබඳව ශ්‍රී ලාංකිකයින් මෙන්ම විදේශිකයින්ද පුදුමයට පත්විණි.

රොෂාන් මහානාමගේ මෙම ඉක්මන් සමුගැණීම නිසාවෙන් පුදුමයට පත් වූ ඕස්ට්‍රේලියානු රචක කෙන් පීස් රොශාන් මහානාමගේ චරිතාපදානයක් 2001 වර්ෂයේදී මුද්‍රණය කළේය.

මහානාමගේ ක්‍රිකට් දිවිය සහ ඉක්මන් සමුගැනීම නිසාවෙන් මෙම ග්‍රන්ථය නම් වූයේ Retired Hurt නමිනි.

නමුත් 2001 වර්ෂයේදී මුද්‍රණය කළ මෙම ග්‍රන්ථයට ලද ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසාවෙන් සහ ඒ නිසා ඇති වූ මෙම ග්‍රන්ථය සොයාගැනීමට තිබූ අපහසුතාවයද නිසාවෙන් අශාන් පීරීස් නම් ශ්‍රී ලාංකේය කතුවරයා මෙම ග්‍රන්ථය දෙවන මුද්‍රණයක් ලෙස දොරට වැඩමවීමට සැලසුම් කළේය.

මෙම සැලසුමෙහි අග්‍රඵලය ලෙස Retired Hurt ග්‍රන්ථයේ දිගුවක් පසු ගිය 16 වනදා කොලඹ මූවන්පික් හෝටලයේදී එළිදක්වන්නට අශාන් පීරිස්ට සහ මහානාමට හැකියාව ලැබුණි.

මෙම ග්‍රන්ථයේ 1999 වසර වන තෙක් වූ රොශාන් මහානාමගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට අමතරව රොශාන් තරඟ තීරකවරයෙකු වශයෙන් ලද අත්දැකීම් රාශියක්ද අන්තර්ගත කොට තිබීම විශේෂත්වයකි.

ග්‍රන්ථය දොරට වැඩීම කොළඹ මූවන්පික් හෝටලයේදී පැවති අතර මේ සඳහා හිටපු ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, ක්‍රීඩා මාධ්‍යවේදීන් ඇතුළු රැසක් සහභාගී වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button