Cricket NewsEXCLUSIVELPL

උදේට කොළ කැඳ බීලා, LPL තරගෙදී දැවැන්ත හයේ පහර 8ක් එක්ක ලකුණු 92 ක් ගහපු Tom Kohler Cadmore

Jaffna Kings කණ්ඩායම සහ Colombo Stars කණ්ඩායම අතර පසුගියදා පැවති තරඟයෙන් අනතුරුව ත්‍යාග ප්‍රදානෝත්සවයේදී අපුරු සිදුවීමක් වුනා.

එම තරඟයෙන් ළකුණු 93කින් තරඟය ජයග්‍රහණය කිිරීමට Jaffna Kings කණ්ඩායම සමත් වූ අතර තරගයේ වීරයා බවට පත් වුනේ විශිෂ්ට පිතිකරණයක නියැලෙමින් පන්දු 55කින් වේගවත් ලකුණු 92 ක් ලබා ගත් Tom Kohler Cadmore විසිනුයි.

එංගලන්ත යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරනු ලබන Tom Kohler Cadmore තරඟයේ වීරයා සම්මානය ලබා ගැනීමෙන් අනතුරුව ත්‍යාග ප්‍රදානයේදි ජාත්‍යන්තර විස්තර විචාරක රොෂාන් අබේසිංහ මහතා විසින් Tom Kohlerගෙන් ප්‍රශ්නයක් විමසනු ලැබුවා.

එම සංවාදයේ සිංහල පරිවර්තනයක් පහතින්,

රොෂාන් අබේසිංහ – ” මොනවද ඔබ උදේට කෑවේ ? ”

Tom Kohler Cadmore – ” කොළ කැඳ ” (සිනහවෙමින්)

මෙම කතාව පසුපස අපූරු රසබර කතාවක් ද තිබෙන බව Chilling With Russel වැඩසටහනේදී රසල් විසින් හෙළිකරනු ලැබුවා.

එහිදී රසල් පවසා සිටියේ Tom Kohler Cadmoreහට රොෂාන් අබේසිංහ වැරදීමකින් Kohler Cadmore යන්න “කොළ කැඳ” ලෙස උච්චාරණය කර ඇති බවයි.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී සිදු වූ එම සිදුවීම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button