Cricket NewsEXCLUSIVELPL

තීරණාත්මක අවසන් තරඟ කිහිපය ඉතිරිව තිබියදී Galle Gladiators කණ්ඩායමේ ප්‍රභලම දඟ පන්දු යවන්නා LPL හැර යයි.!

මෙම වසරේ දෙවන වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග මේ වනවිට අවසන් වී ඇති අතර PLAY OFF වටය සඳහා Jaffna Kings, Galle Gladiators, Colombo Stars සහ Dambulla Giants යන කණ්ඩායම් සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර Kandy Warriors කණ්ඩායම පළමු වටයෙන් ඉවතට විසි ව ගියා.

ඒ අනුව පැවැත්වෙන තරගාවලියේ පළමු Qualifier 01 තරගය හෙට රාත්‍රි 8.30 ට පැවැත්වීමට නියමිතය.

කෙසේ නමුත් මෙම තීරණාත්මක තරගය හෙට රාත්‍රියේ දී පැවැත්වීමට නියමිතව පවතිද්දී Gladiators කණ්ඩායමේ සාර්ථකම දඟ පන්දු යවන්නා වන Noor Ahamed නැවතත් සිය මව් රට බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඩුබායි හිදී පැවැත්වීමට නියමිත මෙවර වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදි ඇෆ්ගනිස්ථාන යොවුන් කණ්ඩායම නියෝජනය කිරීමට නම් කර සිටින Noor Ahamed තම කණ්ඩායම සමඟ එක්වීම සඳහායි මෙලෙස දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙන්නේ.

ඒ අනුව හෙට පැවැත්වෙන තීරණාත්මක තරගයට Noor ahamed වෙනුවට වෙනත් දඟ පන්දු යවන්නෙකු භාවිතා කිරීමට Galle Gladiators කණ්ඩායමට සිදු වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7