Cricket GossipEXCLUSIVE

Alex Careyගේ උඩ පන්දුව රැක ගැනීමට සුදානම් වූ විනිසුරු කුමාර් ධර්මසේන

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ තෙවන එක්දින තරගය අද (19) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වුනා. තරඟාවලිය මේ වන විට 1-1ක් ලෙස සම තත්වයේ තිබෙනවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහනය කල ඕස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කල අතර ඒ අනුව මේ වන විට ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පිටියට පිවිස සිටිනවා.

මේ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6දැවී ලකුණු 291 රැස් කිරීමට සමත් වුණා.

එහිදී ඕස්ට්‍රේලියානු ඉනිමේ දී විනිසුරු කුමාර් ධර්මසේන මහතා මහතා සම්භන්ද අපුරු සිදුවීමක් සිදු වූ අතර එහිදී දුෂ්මන්ත චමීර යොමු කල පන්දුවකට Alex Carey එල්ල කල පහරක් රැක ගැනීමට විනිසුරු කුමාර් ධර්මසේන මහතා සිය දෑත එකතු කරන ආකාරය කැමරා කාචයේ සටහන් වී තිබු අතර කෙසේ නමුත් පන්දුව ඔහු අසලට පැමිණියේ නැහැ.

එම අවස්ථව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button