Cricket NewsEXCLUSIVE

මෙවර LPL තරඟාවලියේ කලම්බෝ Colombo strikers නායකත්වය නිරෝශන් දික්වැල්ලට !

සිව්වැනි වරටත් මේ මස අගදී ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් තරඟාවලිය සඳහා නව හිමිකාරීත්වයක් යටතේ Colombo strikers කණ්ඩායම පිවිසීමට නියමිතයි.

මෙවර තරඟාවලියේදී Colombo Strikers කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙසින් කඩුලු රකින ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පත් කර තිබෙන අතර කණ්ඩායම් කලමණාකාරීත්වය මේ බව නිලවශයෙන් අද මාධ්‍ය වෙත දැනුම් දී තිබුණි.

පසුගිය වර අනුශූරයින් ලෙසින් LPL තරඟාවලිය නිමා කල Colombo strikers කණ්ඩායම මෙවර තරඟාවලිය සඳහා බාබර් අසාම් වැනි ප්‍රමුඛ පෙලේ විස්සයි විස්ස පිතිකරුවෙකු සමඟින් ගිවිසුම් ගතව සිටින අතර බොහෝ දෙනා මීට පෙර මත පලකලේ බාබර් අසාම් colombo strikers කණ්ඩායම මෙහෙයවනු ඇති බවයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button