Cricket NewsEXCLUSIVETrending Article

මුම්බායි සෙයිලමේ උපත ලද අජාස් පටෙල්,නවසීලන්තය නියෝජනය කරමින් ප්‍රභල ඉන්දීය ටෙස්ට් කණ්ඩායම දණ ගස්වයි.!

1988 වර්ෂයේ ඔක්තෝබර් 21 මුම්බායි හී ඉපදුනු අජාස් පටෙල් පසු කාලීනව ඉන්දියාවෙන් නවසීලන්තය බලා සංක්‍රමණය වූ ජාතිකයෙක් ය.

ක්‍රිකට් ක්‍රීඩාව ගැන තිබූ දැඩී ඇල්ම නිසාවෙන් ක්‍රිකට් ක්‍රීඩාව ඇරඹූ ඔහු නවසීලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර වරම් හිමි කරගත් ඔහු අද සිය උපන් ගමේ උපන් රටේ හිතවතුන්ටම එරෙහි වන්නේ ය.

සිය උපන් ගමේ තණතීරු තුල පන්දුවෙන් දඟකාරකම් කල ඔහු සත්කාරක ඉන්දීය නිල් හමුදාවේ අභිමානය නැත්තටම නැති කරන්නේ තනිවමය.

ඉන්දීය ප්‍රේක්ෂකයන්ට හට දුක පමණක් ඉතුරු කල මුම්බායි වීරයා අවසානයේ වෙනත් රටක් වෙනුවෙන් සිය උපන් ගමේ සිය හොදම දඩයම සිදු කරන්නේ සිය උප්පැන්නයෙහි අයිතිකාරි රටට එලොව මෙලොව පෙන්වමිනි.

අසාජ් පටෙල් නම් පිළිකාව ඉන්දීය පිතිකරන වැටියේ උඩු දුවන්නේ ඉන්දීය පිතිකරුවන් සියල්ලම පටෙල්ගේ ගොදුරට හසු වෙමිනි.

ඒ අනුව පන්දුවාර 47.5ක් තුලදී නිලකුණු පන්දුවාර 12ක් සමගින් ලකුණු 119කට ඉන්දීය ඉනිමේ කඩුලු දහයම දවා ගන්නට අජාස් පටෙල්ට හැකි වුනි.
එය ඓතිහාසික ටෙස්ට් ක්‍රිකට් වංශකතාවේ ක්‍රිකට් පොත් අලුත් කරන්නේ ඉනිමක කඩුලු දහයම ලබාගත් තුන්වෙනි පන්දු යවන්නා බවට අජාස් පටෙල් පත් වෙමිනි.

එසේම වර්ෂ 2000න් පසු එවන් දස්කමක් කල එකම පන්දු යවන්නා වීමේ භාග්‍යයද අසාජ් පටෙල් හට හිමි වන්නේ ය.

අවසානයේ වැයික්කියේ චණ්ඩියෙකු වූ ඉන්දියාව සිය රටේම උපන් දඟකාරයෙකු අපූරු දඬයමක් නිසාවෙන් සිත් රිදවීමකට ලක් විය.

ඔහු අජාස් පටෙල් ය.

මුම්බායි වල ජනයාට මෙන්ම ඉන්දීය ප්‍රේක්ෂකයන් හට නැවතත් කිසි දිනක ඉන්දියාවේ මුම්බායි වල ඉපද නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කල ,
අජාස් පටෙල් නම් චරිතය කිසිදා අමතක නොවනු ඇත.

– Rishie Bro තැබූ සටහනක් ඇසුරිණි. Rishie Broගේ Facebook පිටුවට පිවිසීම සඳහා Click කරන්න.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7