Cricket NewsEXCLUSIVELPL

ඉතා ආකර්ෂණීය පසුබිම් රටා රැසක් සමග LPL 2021 තරඟාවලියේ “දඹුල්ල ජයන්ට්ස්” කණ්ඩායමේ නිළ ගීතය එළි දක්වයි.!

ශ්‍රී ලාංකේය සුපිරි ක්‍රිකට් සැණකෙලි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙට සිට කොළඹ සහ හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගන කේන්ද්‍ර කරගනිමින් පුරා මාසයක් පැවැත්වීමට නියමිතයි.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුලු පුරවරට නියෝජනය කරමින් තරග බිමට පිවිසෙන Dambulla Giants කණ්ඩායමේ නිල ගීතය එළිදැක්වීමට කටයුතු කර තිබෙනවා.

මීට සුළු මොහොතකට පෙර එම නිල ගීතය එළි දක්වා තිබෙන අතර එම ගීතය ගායනා කරනු ලබන්නේ රෝහිත රාජපක්ෂ,Neo Navy, Tony T(Rio) ටෙහානි ඉමාරා සහ දිනේෂ් කණ්ගරත්නම් නම් විසිනුයි.

ගීතයේ පද රචනය සිදුකර ඇත්තේ කසුන් කොන්ඩසිංහ මහතා විසිනුයි.

ඉතා විශිෂ්ට හැඩතල සහ ආකාර්ශනීය පසුතල යොදාගනිමින් ඉතා ආකර්ෂණීය වීඩියෝ පටයක් ද මේ වෙනුවෙන් නිර්මාණය කර ඇති අතර මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ එළිදැක්වුණු ප්‍රථම කණ්ඩායම් නිළ ගීතය ද මෙයයි.

Dambulla Giants නිල ගීතය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7