Cricket NewsEXCLUSIVELPL

Jaffna kings කණ්ඩායමේ ෆෆ් ඩූ ප්ලේසිස් ද අවසන් මොහොතේ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට පැමිණීම ප්‍රතික්ෂේප කරයි.!

ශ්‍රී ලාංකේය සුපිරි ක්‍රිකට් සැණකෙලි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙට සිට කොළඹ සහ හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගන කේන්ද්‍ර කරගනිමින් පුරා මාසයක් පැවැත්වීමට නියමිතයි.

මේ අතර මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග වදින Jaffna kings කණ්ඩායමේ Diamond Player ලෙස නම් කරන ලද දකුණු අප්‍රිකා ක්‍රීඩක Faf du Plessis මෙවරත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට පැමිණීමට නොහැකි බව ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු ඊයේ දිනය තෙක් රැඳි සිටියේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේය. ඒ ලොව වේගවත්ම ක්‍රිකට් තරගාවලිය ලෙස සැලකෙන Abu Dhabi T10 තරගාවලියේ Bangla Tigers කණ්ඩායමේ නායකත්වය ඔහු විසින් දැරිමහේතුවෙනි.

කෙසේ නමුත් ඊයේ පැවති Qualifier වටයේ තරඟය පරාජය වීමත් සමඟ අවසන් මහා තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට Du plessis නායකත්වය දැරූ Bangla tigers කණ්ඩායමට නොහැකි වූවා.

මේ අතර හෙටින් ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැමිණියහොත් නත්තලට පෙර නිවස බලා යාමට ඔහුට නොහැකි වන බව දක්වමින් ඔහු මෙවර ලංකා ප්‍රමිතිය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Jaffna Kings කණ්ඩායම වෙතට Video පණිවිඩයක් එවමින් Faf ඒ බව දන්වා තිබු අතර Jaffna Kings නිල ෆේස්බුක් පිටුවේ එම Video සටහන කර තිබුණා.

එම වීඩියෝව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button