Cricket NewsEXCLUSIVEUnder-19

ICCය විසින් යොවුන් ලෝක කුසලාන තරඟාවලියේ බිහි වූ වටිනාම ක්‍රිඩකයන් 5 අතරට දුනිත් වෙල්ලාලගේව නම් කරයි.!

මෙවර පැවැත්වුණු වයස අවුරුදු 19න් පහළ පන්දුවාර 50 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දී නිමාව දුටුවේ පස්වැනි වරටත් ඉන්දීය යොවුන් කණ්ඩායම ලෝක ශූරයන් බවට පත්කරමිනි.

දින 23ක් පුරාවට පැවති මෙම 19 පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගය එංගලන්තය සහ ඉන්දියාව අතර පැවති අතර එම තරඟයෙන් කඩුළු 4ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට Yash Dull නායකත්වය දරන ඉන්දීය යොවුන් කණ්ඩායම සමත්වුණා.

මේ අතර මෙවර යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පුරාවට දස්කම් දැක්වූ යොවුන් සුපිරි තරු 5 දෙනෙකු නම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබෙනවා.

එහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ ද මෙම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද ලෝක කුසලාන තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයින් පස් දෙනා අතරට ඇතුලත්ව තිබීමයි.

තරගාවලිය පුරාවට තුන් ඉරියව් දස්කම් දැක්වීමට සමත් වූ දුනිත් වෙල්ලාලගේ මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමටද සමත්වූයේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ තරග 6 කට සහභාගි වී එහි දී කඩුලු 17ක් බිඳ හෙළමිනි.

ඉන් නොනැවතුණු දුනිත් පිත්තෙන් ද ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත් වූයේ ලකුණු 264 ක් රැස්කරමිනි.එහිදී ප්‍රබල දකුණු අප්‍රිකාවට එරෙහිව ඔහු රැස් කළ වටිනා ශතකය කැපී පෙනුනා.

මේ අතර දුනිත් වෙල්ලාලගේට අමතරව දකුණු අප්‍රිකා ක්‍රීඩක Dewald Brevis, ඉන්දීය ක්‍රීඩක Raj Bawa , පකිස්තාන ක්‍රීඩක Haseebullah Khan සහ එංගලන්ත ක්‍රීඩක Tom Prest අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් නම් කරන ලද ලෝක කුසලාන තරගාවලිය විශිෂ්ටතම ක්‍රීඩකයන් පස් දෙනා අතරට නම් වී තිබුණා.

එම ක්‍රිඩකයන් පිළිවෙලින් පහතින්,

Dunith Wellalage 🇱🇰
Dewald Brevis 🇿🇦
Raj Bawa 🇮🇳
Haseebullah Khan 🇵🇰
Tom Prest 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7