EXCLUSIVETrending Article

“ලංකාවේ මිනිස්සුන්ගේ හිත් වලට සැනසීම ගෙනාවට පිංලු, ඒක එහෙම කියලා පහුවදා මැච් එක පැරදුනාම කියනවා නායකත්වය දුර්වලයිලු” – ක්‍රිකට් රසිකයකු අපේ ක්‍රිකට් ගැන තැබූ සටහන.!

දසුන් ශානක කියන්නේ ලෝකේ ඉන්න විශිෂ්ඨතම නායකයෙක් නෙමෙයි වෙන්න ඇති ඒ දසුන් කියන්නේ හොද නායකයෙක්,
මං මේ කතා කරන්නේ ඊයේ දවස ගැන නෙමෙයි.

සමස්තයක් විදිහට දසුන් ශානක කියන්නේ මෑත කාලයේ ආයෙමත් ශ්‍රි ලංකාවේ ක්‍රිකට් එකක් තියෙනවා කියලා ඔය අද කෑ ගහන හුගාක් ප්‍රේක්ෂකයන්ට මතක් කරපු නායකයෙක්,

මොකද මීට පෙර කාලයක් තිබුනා ලංකාවේ හුගාක් ප්‍රේක්ෂකයන් ශ්‍රි ලංකාව ක්‍රීඩා කරන මැච් බලන එක අතහැරපු අවස්ථා… ඒ තරමටම මිනිස්සුන්ට ලංකාවේ ක්‍රිකට් ගැන කලකිරිලා තිබුනේ. හැබැයි ඒ අයගෙන් බහුතරයක් ආයෙමත් ක්‍රිකට් බලන්න පටන් ගන්නේ මේ නායකයා හින්දා..

ඔහේ ඉබාගාතයේ ගියපු කන්ඩායමක් එකට එකතු කරලා ඒ කන්ඩායමට ඕනි එන්වයර්මන්ට් එක හදලා දීලා හරි ප්ලෙයර්ස්ලා ටිකක් තෝරගෙන එයාලට හැදෙන්න චාන්ස් එක දීලා ටීම් එකේ අඩුපාඩු මොනවාද කියලා බලලා ඒ දේවල් හරියට කරගෙන කෑලි කෑලි වලට බෙදිලා තිබුන ටීම් එකක් එක මවකගේ දරුවෝ විදිහට ආයෙමත් ග්‍රවුන්ඩ් එකට බහින්න ඉඩ හැදුනේ දසුන් ශානක කියන නායකයා නිසා.

ඒ වගේම නායකයෙක් විදිහට සමහර ගන්න තීරණ වරදින්න පුළුවන් හරියන්න පුළුවන්,
හැබැයි නායකයා විදිහට ඒ වෙලාවේ හැමෝම එක්ක කතා වෙලා ඒ වෙලාවේ ඒ තීරණ ගන්නේ තරග පරදින්න බලාගෙන නෙමෙයි.

හැමෝටම ඕනි දිනන්න. ඉතිං සමහර වෙලාවට ඒවා වරදින්න පුළුවන්.

හැබැයි කන්ඩායමක නායකයෙක් කියලා කියන්නේ උඹට අපිට පේන කොටසට වඩා ලොකු දෙයක් ලොකු වගකීමක් ග්‍රවුන්ඩ් එකෙත් ඊට එළියෙත් දසුන්ට තියෙනවා. ඉතිං ඒකයි මං කිව්වේ දසුන් විශිෂ්ඨ නායකයෙක් නොවෙන්න ඇති. හැබැයි දසුන් ශානක කියන්නේ හොද නායකයෙක් කියලා.

අපේ රටේ මිනිස්සු ඉන්නවා නේද ? මේ මිනිස්සු මාර හොදයි. මේ තරම් හොද මිනිස්සු මං හිතන් නැ අනිත් රටවල් වලවත් ඉන්නවද කියලා. හැබැයි අපේ මිනිස්සුන්ගේ තියෙනවා මහ මෝඩකමක්..ඒක හිටපු ගමන් එළියට එනවා.

දසුන් ශානක මැච් දිනවද්දි කියනවා දසුන්ට පිං කැපා කිව්වේ ආදරේටලු… ලංකාවේ මිනිස්සුන්ගේ හිත් වලට සැනසීම ගෙනාවට පිංලු ..

ඒක එහෙම කියලා පහුවදා මැච් එක පැරදුනාම කියනවා නායකත්වය දුර්වලයිලු.. මෙයා නායකත්වයට හරියන් නෑලු.. අරයට දෙන්න ඕනිලු.. එයාට අත්දැකීම් තියෙනවලු.. මෙයාට පිං කැපා කියන්නේ ඒකලු.. පිතිකරණය හොද වුනාට නායකත්වය දුර්වල නිසාලු පිං කැපා කියන්නේ.

එදා දසුන් පිතිකරුවෙක් විදිහට ෆේල් වෙද්දි කිව්වේ නායකත්වය හොද වුනාට පිතිකරුවෙක් විදිහට ෆේල් නිසා පිනට ටීම් එකේ ඉන්නවා කියලා. අද ඒ වුනාට නායකත්වය දුර්වල නිසාලු පිං කැප්ටන් කියන්නේ.. දවසින් දවස එක එක කතා,
අරයා මෙයා හොදට කරපු නිසා තමයි අද අපි රෑන්කින් 8ට වැටිලා ඉන්නේ..

මේ මිනිස්සු නිසා තමයි මේ රට මේ තත්ත්වයට වැටුනෙත්, අරයා හොදයි මෙයා හොදයි කියලා අවුරුදු ගානක් තිස්සේ මේ මිනිස්සු රට ටික ටික විනාශ කරන්න අඩුපාඩුවක් නැතුව දායකත්වය දුන්නා.

දැන් ක්‍රිකට් වලටත් එයාලා කියන්නේ එහෙමයි.

හොද වෙලාවට රටේ නායකයා තෝරන්න විතරක් මහජන ජන්දයක් තිබ්බේ..අපේ ජාතික ක්‍රිකට් කන්ඩායමේ නායකයා තෝරන්නත් මහජන ජන්දයක් තිබ්බා නම් ඉතිං සොරිම තමයි

පිං සිද්ධ වෙයි, ටිකක් ඉවසන්න. තරග පරදියි දිනයි. එකක් දෙකක් පැරදුනු ගමන් එක එක කතා කියලා කෑ ගහන්න එපා. මේ ටීම් එකට දැන්වත් ගමනක් යන්න දීලා ටිකක් බලාගෙන ඉමු.

– Rishie Bro තැබූ සටහනක් ඇසුරුණි. ඔහුගේ Facebook පිටුවට පිවිසීමට Click කරන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7