Cricket NewsEXCLUSIVE

ඉන්දියාවේ ආසියානු කුසලාන ගමන් මග නවතාලමින් අවසන් මහා තරඟයේ ස්ථානය තහවුරු කර ගැනීමට සිංහයන්ට හැකියාව ලැබේවිද – හෙට තරඟයේ ජය පරාජය අපිට බලපාන්නේ මෙහෙමයි.!

ආසියානු ක්‍රිකට් බලවතුන් මුහුණට මුහුණ තරඟවදින ආසියානු කුසලාන තරගාවලිය මෙවර ශ්‍රී ලාංකේය සත්කාරකත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජය දී පැවැත්වෙනවා.

මෙවර තරඟාවලියේ Super Four තරඟ වටය මේ වන විට ආරම්භ වී ඇති අතර මේ වනවිට තරගාවලිය දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.

මේ වන විට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන අතර දෙවන ස්ථානයේ පකිස්ථාන කණ්ඩායම පසුවනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරාජය කරද්දී පාකිස්තානය විසින් ඉන්දියාව පරාජය කර මෙලෙසින් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට සමත් වුණා.

ඒ අනුව හෙට දිනයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා ඉන්දියා තරඟය අතිශය තීරණාත්මක තරඟයක් බවට පත් වී තිබෙනවා. එම තරඟයේ තීරණය මත ඉන්දීය කණ්ඩායමේ ආසියානු කුසලාන ඉදිරි ගමන් මග තීරණය වනු ඇත.

හෙට තරඟයේ ජය පරාජය බලපාන්නේ කොහොමද >>>

හෙට ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් > අපි ඉන්දියාව පරාජය කරනවා කියන්නේ ඉන්දියාව Final එකෙන් අයින් කරන්නම අපිට පුලුවන් වගේම අපි නොනිළ වශයෙන් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවා වෙනවා.

හෙට ඉන්දියාව ජයග්‍රහණය කළහොත් > අපි ඉන්දියාවට පැරදුනොත් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබගන්න ලොකු සටනක් දෙන්න වෙනවා. නමුත් අවස්ථාවක් තියෙනවා. අනිත් කණ්ඩායම් වල දක්ෂතා අනුව ඒක තීරණය වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7