Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකාවට එරෙහිව පළමු තරඟයේ සුපිරි දස්කම් දැක්වූ Marcus Stoinis හා Ashton Agarට තරඟාවලියේ ඉදිරි තරඟ සියල්ල අහිමි වෙයි.!

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරඟය මේ වන විට පැවැත්වෙන අතර ඊයේ පැවති පළමු තරඟය අතරතුර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකු ආබාධවලට ලක්ව තිබෙනවා.

ඒ තුන් ඉරියව් ක්‍රීඩක Marcus Stoinis සහ ශ්‍රී ලංකා සම්භවයක් ඇති දඟ පන්දු යවන ක්‍රීඩක Ashton Agar ය.

ස්ටොයිනිස්ට ශ්‍රී ලංකා තරග සංචාරයෙහි ඉතිරි තරග සියල්ලම අහිමි වී ඇති අතර, ඒගාර්ට ද දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වීමට ඉඩ ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර සිටිනවා.

කෙසේ වෙතත්, ටෙස්ට් තරගාවලිය සඳහා සූදානම් වීමේ අරමුණින් ඒගාර් තවදුරටත් එක්දින සංචිතය සමඟ රැඳී සිටිනවා.

ඒ අනුව ශ්‍රී ලංකා A කණ්ඩායමට එරෙහිව මේ දිනවල හම්බන්තොට දී පැවැත්වෙන සිව්දින තරගයේ දී ඔස්ට්‍රේලියානු A කණ්ඩායම නියෝජනය කරන Matthew Kuhnemann හා ට්‍රැවිස් හෙඩ් ඔස්ට්‍රේලියානු එක්දින සංචිතයට ආදේශ කිරීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකා තරග සංචාරයේ දී ආබාධවලට ලක්ව ඇති ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සංඛ්‍යාව 6ක් දක්වා ව අනුව ඉහල ගිය අතර මිචෙල් ස්ටක් පළමු විස්සයි-20 තරගයේ දීම ආබාධයකට ලක් වූ අතර, මිචෙල් මාෂ් ද මේ වන විට ආබාධයකට ලක්ව සිටිනවා.

ස්ටක් වෙනුවට එක්දින සංචිතයට ආදේශ කළ කේන් රිචර්ඩ්සන්ට තෙවැනි විස්සයි-20 තරගයේ දී සිදු වූ ආබාධයක් හේතුවෙන් එක්දින තරගාවලියෙන් ඉවත් වීමට සිදු වු අතර තුන් ඉරියව් ක්‍රීඩක ශෝන් ඇබෝර්ට් ආබාධයකට ලක් වුණේ විස්සයි-20 තරගාවලිය ද ආරම්භ වීමට පෙරයි.

ඒ අනුව, Matthew Kuhnemann හා ට්‍රැවිස් හෙඩ් ඔස්‍ට්‍රේලියානු එක්දින සංචිතයට ආදේශ කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ ස්ථාන සදහා Jimmy Pierson හා Tanveer Sangha ඔස්ට්‍රේලියානු A කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7