Cricket NewsEXCLUSIVEIPL

“මෙවර IPL වෙන්දේසියේ වැඩිම මිලක් හිමිවන විදෙස් පන්දුයවන්නා වනිඳු හසරංග විය හැකියි” – ප්‍රවීණ විස්තර විචාරක Aakash Chopra

මෙවර ක්‍රීඩකයන් 590 දෙනෙකුගේ එක්වීමත් සමඟින් මේ මස 12, 13 දිනයන් හීදී ඉන්දීය ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසිය සිදු කිරීමට නියමිතය.

මෙවර ක්‍රීඩකයන් වැඩි ප්‍රමාණයක් තරඟාවලියේ වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී තිබෙන්නේ නව කණ්ඩායම් දෙකක් එක්වීමද සමඟිනි.

සුප්‍රසිද්ධ ඉන්දීය පුවත් පතක් වන හින්දුස්තානි ටයිම්ස් සමඟින් එක්වූ ප්‍රවීන විස්තර විචාරයකයෙකු මෙන්ම හිටපු ඉන්දීය හිටපු ආරම්භක පිතිකරු ආකාශ් චොප්රා පවසා සිටින්නේ marquee players කාණ්ඩයට අයත් කාගිසෝ රබාඩා හා ට්‍රෙන්ට් බෝල්ට් ට පසුව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග මෙවර ක්‍රීඩක වෙන්දේසිය වැඩිම මිලකට අලෙවි වන විදෙස් පන්දු යවන්නා බවට පත්වීමට ඉහළ හැකියාවක් ඇති බවය.

පසුගිය වසරේ ලොව වැඩිම විස්සයි විස්ස කඩුලු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා මෙන්ම එක් ලෝක කුසලාන තරඟාවලියක් තුල වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ක්‍රීඩකයා බවටද වනිඳු හසරංග පත් විය.

පසුගිය වසරේදීද ඉන්දීය ප්‍රිමියර් ලීගයේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජයන කල නමුත් එහිදී දස්කම් අතරට පිවිසෙන්නට වනිඳු හට නොහැකි විය.එම නිසා වනිඳු හට ක්‍රීඩා කිරීමට හැකියාව ලැබුණේ තරඟ දෙකක් පමණි.

මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී වනිඳු හට නියම කර ඇති මූලික අගය ඉන්දියානු රුපියල් කෝටියකි.වනිඳු හසරංග පිළිබඳව අදහස් දක්වමින් චොප්රා කියා සිටියේ වනිඳු හසරංග වැනි ක්‍රීඩකයෙකු මිලදී ගැනීමට කණ්ඩායමක් කෝටි 5 ක් වැනි මුදලක් වැය කල යුතු බවයි ,

“මම ක්‍රීඩක වෙන්දේසියේ ඉන්නවා නම් මම වනිඳු හසරංග තෝරා ගන්නවා. ඔහු විශිෂ්ට දඟපන්දු යවන්නෙක්. පන්දුවාර හතරක් යැවිය හැකි විශිෂ්ටයෙක්. ඔහු ඉනිමේ මැද පන්දුවාරවල පන්දුවාර හතරක් යවාවි. ඔහුට නව පන්දුවෙනුත් පන්දු යවන්න පුළුවන්. RCB ඔහුව ඉතා සුළු මුදලකට ගත්තත්, ඔහුව නිවැරදි ලෙස භාවිතා කළේ නැහැ”,

“කණ්ඩායම් ඔහුට කෝටි 4ක් 5ක් වැය කරන්න ඕනේ. විදෙස් පන්දු යවන්නෙක් ලෙස ඔහු ඉතා හොඳ තෝරා ගැනීමක්. ඔහු පන්දු යවන්නෙක්, පිතිකරුවෙක් වගේම හොඳ පන්දු රකින්නෙක්. ඔහුට විස්සයි විස්ස පිටියේ සාර්ථක වෙන්න හැකියාව තිබෙනවා.”

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7