Cricket NewsEXCLUSIVEMatch ReviewWoman Cricket

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 10කින් පරාජය කරමින් වත්මන් ලෝකශුර ඕස්ට්‍රේලියා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැන ලබාගනී.!

විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කඩුලු 10ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට වත්මන් ලෝකශුර ඕස්ට්‍රේලියා කණ්ඩායමඅද (16) සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 112ක් රැස් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ හර්ශිතා සමරවික්‍රම ලකුණු 34ක් වාර්තා කිරීමට සමත් වුනා. විශ්මි ගුණරත්න ලකුණු 24ක් සහ නායිකා චමරි අතපත්තු ලකුණු 16ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Megan Schutt කඩුලු 4ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 113ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පන්දුවාර 15.5ක් අවසානයේ කකිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 113ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

ඕස්ට්‍රේලියා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Beth Mooney ලකුණු 56ක් රැස් කල අතර Alyssa Healy ලකුණු 54ක් රැස් කළා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7