Cricket NewsEXCLUSIVEInternational

පිල් සෝල්ට් ගේ අනුකම්පා විරහිත පිතිකරණය හේතුවෙන් පකිස්ථානයට කඩුලු 8ක දැවැන්ත පරාජයක් හිමි වේ.

එංගලන්තය හා පාකිස්තානය අතර 6 වන විස්සයි විස්ස තරගය ඊයෙ ලාහෝර් හීදි පැවැත්විනි.

එහිදි කාසියෙ වාසිය දිනු එංගලන්ත නායක මොයින් අලී ප්‍රථමයෙන් පන්දු යැවීම තෝරා ගත්තා.

ඊයෙ දිනයේ මොහොමඩ් රිස්වාන් ක්‍රීඩා නොකල අතර ඔහු වෙනුවට නායක බාබර් අසාම් සමග ආරම්භ පිතිකරුවෙක් ලෙස පැමිණියෙ මොහොමඩ් හැරිස් ය.

නායක බාබර් අසාම් නායකත්වයෙ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 59කින් ලකුණු 87 ක් රැස් කිරීමට සමත් උන අතර එම ඉනිමට හයෙ පහර 3ක් හා හතරෙ පහර 7 ක් එක් කර ගත්තා.

පන්දු යැවීමේදි සෑම් කරන් හා ඩේවිඩ් විලි අතර කඩුලු දෙක බැගින් බෙදි ගියා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි එංගලන්තයෙ ආරම්භ පිතිකරුවන් වන පිල් සෝල්ට් හා ඇලෙක්ස් හේල්ස් අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කල අතර ඇලෙක්ස් හේල්ස් පන්දු 12කින් ලකුණු 27 රැස් කර දැවී යන විට පලමු විකට්ටුව සදහා සම්බන්ධතාවය ලකුණු 50ක් උනා.

පිල් සෝල්ට් පන්දු 41කින් ලකුණු 88ක් ලබා ගත්තෙ හයෙ පහර 3ක් හා හතරෙ පහර 13ක් සමගින්.

එංගලන්තය පන්දුවාර 14 පන්දු 3කින් ඉලක්කය සපුරා ගත් අතර පකිස්ථාන පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක් වූවා.

දෙරට අතර තීරණාත්මක 7 වන තරගය හෙට ( 2) පැවැත්වීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7