Cricket GossipCricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකාව යළි ක්‍රිකට් පිටියේ ප්‍රමු­ඛ­යකු වීමට රජ­යෙන් දිය හැකි උප­රිම සහාය දෙන බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ කියයි

ශ්‍රී ලංකාව යළි ක්‍රිකට් ක්‍රීඩා­වෙන් ලොව ප්‍රමු­ඛ­යකු බවට පත්වනු දැකීමේ අපේ­ක්ෂා­වෙන් රජ­යෙන් ලබා­දිය හැකි සියලු දාය­ක­ත්වය ලබා දෙන බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පැව­සීය.

දේශ­පා­ල­නය සහ ක්‍රීඩාව වෙන් කර තබා ගැනීමේ වැද­ග­ත්කම පෙන්වා දුන් ජනා­ධි­ප­ති­ව­රයා දේශ­පා­ල­න­ඥ­යන්ට ක්‍රීඩා සමා­ජ­වල ඉහළ තන­තුරු ලබා දීමෙන් වැළ­කීම යහ­පත් තත්ත්ව­යක් වනු ඇතැයි තමා විශ්වාස කරන බවද සඳ­හන් කළේය.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මේ බව සඳ­හන් කර සිටියේ පෙරේදා (28) පස්ව­රුවේ කොළඹ ෂැංග්‍රිලා හෝට­ලයේ පැවති සිංහල ක්‍රීඩා සමා­ජයේ (SSC) 125 වැනි සංව­ත්සර සැම­රු­මට එක් වෙමිනි.

සිංහල ක්‍රීඩා සමා­ජයේ වසර 125ක ඉති­හා­සය සට­හන් කෙරුණු සුවි­ශේෂී ග්‍රන්ථ­යක් එළි­දැ­ක්වීම ද මෙහිදී සිදු කෙරුණු අතර, එයට සම­ගා­මීව තැපැල් මුද්ද­ර­යක් සහ මුල්දින කව­ර­යක් ද නිකුත් කෙරිණි.

ජාත්‍ය­න්තර ක්‍රිකට් පිටියේ එදා මෙදා­තුර ශ්‍රී ලංකා පිලට නාය­ක­ත්වය දුන් එස්එස්සී ක්‍රීඩ­ක­යන් ඇග­යී­මට ලක් කිරී­මද ජනා­ධි­ප­ති­ව­රයා අතින් සිදු වූ අතර, අන­තු­රුව ඔවුන් සමඟ සමූහ ඡායා­රූ­ප­ය­ක­ටද එක් විය.

උත්සව සභාව ඇමතූ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වැඩි­දු­ර­ටත් මෙසේද පැව­සීය,

සිංහල ක්‍රීඩා සමා­ජයේ හිටපු සභා­ප­ති­ව­රුන් අතර අප පක්ෂයේ නාය­ක­යන් ද කට­යුතු කර තිබෙ­නවා. ඩී.එස්. සේනා­නා­යක මැති­තුමා මෙන්ම හිටපු ජනා­ධි­පති ජේ.ආර්. ජය­ව­ර්ධන මහතා ද එව­කට මෙහි සභා­ප­ති­වරු ලෙස කට­යුතු කළා. එය අපට විශාල ගෞර­ව­යක් බව කිව යුතුයි. පසුව මමත් ඔබගේ ක්‍රීඩා සමා­ජයේ සාමා­ජි­ක­යකු ලෙස සම්බන්ධ වුණා. නමුත් දේශ­පා­ල­න­ඥ­යකු ලෙස මම තීර­ණය කළා එයින් ඉව­ත්විය යුතුයි කියලා. අද පව­තින දේශ­පා­ල­නය ඩී.එස්. සේනා­නා­යක මැති­තු­මාගේ හෝ ජේ.ආර්. ජය­ව­ර්ධන මැති­තු­මාගේ පාලන සමයේ පැවති දේශ­පා­ල­නය නොවෙයි.

දේශ­පා­ල­න­ඥ­යන්ට ක්‍රීඩා සමා­ජ­වල ඉහළ තන­තුරු ලබා දීමෙන් වළ­කි­නවා නම්, එය අප සියලු දෙනා­ටම යහ­පත් තත්ත්ව­යක් වනු ඇතැයි මා විශ්වාස කර­නවා. මොකද දේශ­පා­ල­න­යත්, ක්‍රීඩා­වත් එකි­නෙ­කට වෙන් කර තබාගැනීම ඉතා වැද­ගත් වගේම කාලෝ­චිත බව කිව­යු­තුයි.

ක්‍රීඩා­වෙන් අප ඈත්ව සිටින බව ඉන් අද­හස් වන්නේ නැහැ. අප ඔබගේ අව­ශ්‍යතා පිළි­බඳ නිර­න්ත­ර­යෙන් අව­ධා­න­යෙන් පසු­වෙ­නවා. ඒ වගේම අපේ නාය­ක­යන් විසින් පව­ත්වා­ගෙන ආ සම්ප්‍ර­දා­යන් අප ඉදි­රි­යට ගෙන යා යුතුයි. ඒ නිසා සිංහල ක්‍රීඩා සමා­ජ­යට අයත් භූමිය 99 අවු­රුදු බදු පද­නම මත ලබා­දීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේ­ශ­යක් ඉදි­රි­පත් කරන ලෙස මම ක්‍රීඩා ඇමැ­ති­ව­ර­යාට උප­දෙස් ලබා දී තිබෙ­නවා.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළි­බ­ඳ­වත් මෙහිදී යමක් ප්‍රකාශ කිරී­මට මම කැම­තියි. අප ශ්‍රී ලංකා ක්‍රිකට් රැක ගත යුතුයි. ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමු­ඛ­යකු වනු දැකීම මගේ අපේ­ක්ෂා­වයි.

ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේ ලොව ප්‍රමු­ඛ­යෙකු බවට පත් කිරී­මට අප සියලු දෙනා එක්ව කට­යුතු කරමු කියා ඉල්ලා සිටි­මින්, මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනු­වෙන් සිංහල ක්‍රීඩා සමා­ජය ලබා දෙන දාය­ක­ත්ව­යට ස්තූති කිරී­මට ද මා මෙය අව­ස්ථා­වක් කර ගන්නවා.

මහා­චාර්ය මෛත්‍රී වික්‍ර­ම­සිංහ මහ­ත්මිය සහ සංචා­රක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කට­යුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ සභා­පති ෂම්මි සිල්වා, සිංහල ක්‍රීඩා සමා­ජයේ සභා­පති ඉඳු­නිල් ද සිල්වා, ලේකම් වසන්ත විජේ­සේ­කර, භාණ්ඩා­ගා­රික නිලංක පීරිස් යන මහ­ත්ව­රුන් ඇතුළු විධා­යක කමිටු සාමා­ජි­ක­යන්, සිංහල ක්‍රීඩා සමා­ජයේ හිටපු සභා­ප­ති­ව­රුන්, හිටපු ක්‍රිකට් ක්‍රීඩ­ක­යන් සහ වත්මන් ක්‍රිකට් ක්‍රීඩ­ක­යන් ද හිටපු එංග­ලන්ත ක්‍රිකට් නායක නසාර් හුසේන්, අයි­සීසී තරග තීරක රංජන් මඩු­ගල්ලේ යන මහ­ත්වරු ඇතුළු ආරා­ධි­තයෝ පිරි­සක් මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7