Cricket NewsEXCLUSIVEMatch Review

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ අතිශය දුර්වල ක්‍රීඩා විලාසය හේතුවෙන් ඉන්දියාව ඉදිරියේ ලකුණු 317ක අවමන් සහගත පරාජයක් ලබයි – 3-0ක් ලෙස තරඟාවලි ජයත් ඉන්දියාවට.!

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති විස්සයි-20 සහ එක්දින තරඟාවලියකින් සමන්විත තරඟ සංචාරයේ අවසන් තරඟය ලෙස අද පැවති තෙවන එක්දින තරඟයෙන් ලකුණු 317ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරමින් තරඟාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය නායක Rohit Sharma පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

එ අනුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 390ක දැවැන්ත ලකුණු පුවරුවක් රැස් කිරීමට සමත් වුණා.

ඉන්දියාව වෙනුවෙන් නැවතත් විශිෂ්ට ඉනිමක් දියත් කල Virat Kohli මෙම තරඟාවලියේ රැස් කල ඔහුගේ දෙවන ශතකය ද වාර්තා කරමින් පන්දු 110කදී ලකුණු 166ක් වාර්තා කිරීමට සමත් වුයේ දැවැන්ත හයේ පහර 8ක් සහ හතරේ පහර 13ක් සමගිනි.

ඊට අනගි සහයක් දුන් Shubman Gill ලකුණු 116ක් රැස් කළ අතර Rohit Sharma ලකුණු 42ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී ලහිරු කුමාර සහ කසුන් රාජිත කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 391කක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් දැඩි දියාරු පිතිකරණයක් දිස් වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පන්දුවාර 22ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 73ක් පමණයි

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 19ක් හා නායක දසුන් ශානක ලකුණු 11ක් රැස් කල අතර අන් ක්‍රීඩකයන් අතරින් කසුන් රාජිත හැරෙන්නට කිසිවකුට ලකුණු 5හේ සිමාව හෝ පසු කිරීමට හැකියාව ලැබුනේ නැහැ.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7