Cricket NewsEXCLUSIVE

ඔස්ට්‍රේලියානු ආධිපත්‍යය බිඳ දමමින් ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු තැන යලිත් එංගලන්ත සුපිරි පිතිකරු ජෝ රූට් ට !

අද යාවත්කාලීන කෙරුණු අයිසීසී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි මුල්තැන දක්වා ඉහළට පැමිණෙන්නට එංගලන්ත පිතිකරු ජෝ රූට් සමත් ව තිබෙන්නේ ඉකුත් සතියේ තිබූ ශ්‍රේණිගත කිරීම් උඩු යටිකුරු කරමින්.

ඉකුත් සතිය වන විට ජගත් ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි මුල් ස්ථාන තුනම ඔස්ට්‍රේලියානු පිතිකරුවන් තුදෙනෙක් අතර බෙදී ගොස් තිබුණු නමුත් අලුබඳුන තරඟාවලියේ නිමාව දුටු පළමු තරඟයත් සමඟින් ජෝ රූට් යලිත් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගන්නට සමත්ව තිබෙන්නේ ඔස්ට්‍රේලියානු පිතිකරු මානස් ලබුස්වේන් පහතට ඇද දමමින්.

එමෙන්ම ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි තැන දක්වා ඉහළට පැමිණීමට නවසීලන්ත පිතිකරු කේන් විලියම්සන් සමත්වද්දී මානස් ලබුස්වේන් තෙවැනි තැන රැඳී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7